568. “බමුණ, මාගේ ලුල් මත්ස්‍යයෝ සත්දෙනෙක් දියෙන් ගොඩට ගෙණෙනලදහ. මාගේ මේ ආහාරය ඇත. මෙය අනුභව කොට වනයෙහි වාසය කරව,
569. “මාගේ මෙහි මේ කුඹුරු රකින්නහුට රෑ බතට ගෙණෙනලද අඟුරු මස්කොට පැලහු මස්හුල් දෙකක්ද එක් ගොයෙක්ද, එක් මිදුනු කිරි කළයක්ද යන මෙය බමුණ, මට ඇත්තේය. මෙය අනුභව කොට වනයෙහි වාසය කරව.
570. “බමුණ මිහිරි අඹ පලද සිහිල්වූ ගඟ දියද සිත්කළුවූ සිහිල් සෙවනද යන මෙය මට ඇත්තේය. මෙය අනුභව කොට වනයෙහි වාසය කරව,
571. “සාවෙකුට තල නැත, මුංද නැත, සහල්ද නැත, මේ තා විසින් කරණ ලද ගින්නෙන් පැසුනාවූ මාගේ ශරීර මාංශය අනුභව කොට වනයෙහි වාසය කරවයි” කීයේය.
සසපණ්ඩිතජාතකං ඡට්ඨං.
572. “නො මළහුටම හඬව්, යමෙක් මැරෙන්නේද, එයට නොහඬව්, සියලුම සිරුරු දරන්නෝ පිළිවෙලින් තම තමන්ගේ ජීවිතය අත්හරිත්,
573. “දෙවියන් හා මිනිස්සුද සිව්පාවෝද පක්ෂි ගණයෝද, තවද භොග ඇත්තාහු ස්වකීය ශරීරයෙහි ඉසුරු නොවූවාහු සිත් අලවන්නාහුම ජීවිතය හරිත්,
574. “මෙසේ සැළෙන්නාවූ නොපිහිටියාවූ සැපදුක් දෙක මිනිසුන් කෙරෙහි අපේක්ෂාකොට හැඬීම් වැළපීම් නිරර්ථකය තොපගේ ශොකරාගීහු කුමට මඩිද්ද?
575. “ධූර්තවූ සොඬවූ ශාස්ත්‍ර පුරුදු නොකළාවූ, අඥානවූ නොකටයුත්තෙහි ශූරවූ කුශල මනස්කාරයෙහි නොයෙදෙන්නාවූ ධර්මයට අදක්ෂවූ යම් කෙනෙක් වෙද්ද, ඔව්හු ප්‍රාඥවූ මා බාල යෙකැයි” සිතතියි” කීයේයි.
මතරොදනජාතකං සත්තමං.
576. “වසන්ත කාලයෙහි රක්තවූ ස්වභාව ඇති කරවේරයන් අතරෙහිදී තෝ යම් බඳුවූ සාමානම් ස්ත්‍රිය, බාහුයෙන් පෙළුෑයෙහිද, හෝ තොමෝ තට නිරෝගබව කීයේය.
577. “පින්වත, යම් වාතයෙක් පර්වතය තණ පතක් මෙන් ගෙණ යන්නේද, එය නොඇදහිය යුතුමය. ඉදින් වාතය තෙම පර්වතය ගෙණ යන්නේ නම් සියලු පොළොවද ගෙණ යන්නේය. යම් තැනෙක්හි සාමා තොමෝ කළුරිය කළාද, ඕතොමෝ මට නිරෝග බව කීය. (යනුද එසේ මැයි)
578. “සාමාතොමෝ නොම කළුරිය කළාය. ඕතොමෝ අනිකෙකු නොකැමැතිවේ. ඒක භක්තිනීවූ සාමාතොමෝ තා ම ප්‍රාර්ථනා කෙරේ.