556. “මහාවීරය, යමෙක් ඔබගේ අත් දෙකද පා දෙකද, කන් හා නාසයද, සින්දේද, ඔහුට කිපෙනු මැනව, මෙරට විනාශ නොකරනු මැනව,
557. “යමෙක් මාගේ අත් දෙකද, පා දෙකද කන් හා නාසයන්ද සිඳවීද, ඒ රජතෙම බොහෝ කලක් ජීවත්වේවා, මා වැන්නෝ නොකිපෙත්.
558. “අතීත කාලයෙහි ක්ෂාන්තිය ප්‍රකාශ කරණ ශ්‍රමණයෙක් විය. ක්ෂාන්තියෙහිම සිටියාවූ ඔහු කසී රජතෙම කැප්පවී.
559. “නරකයෙහි පිහිටියාවූ කසී රජතෙම යම් දුකක් වින්දේද, එය කටුක වූයේය. පරුෂවූ ඒ කර්මයාගේ විපාකය වේ.”
ඛන්තීවාදීජාතකං තතියං.
560. “නපුරු ජීවිකාවෙන් ජීවත්වීමු. යම්බඳුවූ අපි විද්‍යමාන කල්හී දන් නුදුන්නෙමුද, එහෙයින් සම්පත් ඇති කල්හි තමහට පිහිටක් නොකෙළෙමු.
561. “සර්වප්‍රකාරයෙන් සැට දහසක් අවුරුදු පිරුණාහ. ලෝකුඹු නරකයෙහි පැසෙන්නාවූ අපට කවර කලෙක්හි කෙළවරෙක් වන්නේද?
562. “නිදුකාණෙනි, එකල්හි වනාහි මා විසින්ද තා විසින්ද, පව් බොහෝකොට කරණ ලදී. එහෙයින් මේ දුකෙහි කෙළවරෙක් නැත. කවර හෙයකින් කෙළවරෙක් පෙනේද, කෙළවරෙක් නොපැනෙන්නේය.
563. “ඒ වනාහි මෙයින් චුතව ගොස් මනුෂ්‍ය යෝනියක් ලැබ දානය ලබන්නන්ගේ වචන දන්නෙක්වූයේ ශීලයෙන් යුක්තවූයේ ඒකාන්තයෙන් බොහෝවූ කුශලය කරන්නෙමියි” කීයේය.
ලොහකුම්භිජාතකං චතුත්ථං.
564. “යහළුව, ඉල්වන්නෙක් වෙහිය. තාගේ වචන ඒකාන්තයෙන් පරුෂවූහ. තාගේ වචන දළබුවට සමානය. යහළුව, එහෙයින් තට දළබු කඩක් හෙවත්, බොකු කෑල්ලක් දෙමි.
565. “ලෝකයෙහි මනුෂ්‍යයන්ට සහෝදරයාය යන මේ පැනවීම අංගයකැයි කියනු ලැබේ. යහළුව, තාගේ වචන ශරීරාවයවයට සමානය. එහෙයින් තට අංගයක් හෙවත් ශරීරාවයවයක් දෙමි.
566. “පුත්‍ර තෙමේ “පියාණෙනි, කියන්නේ පියාගේ හෘදය කම්පා කෙරෙයි” තාගේ වචන හෘදයට සමානය. එහෙයින් යහළුව, තට හෘදය මාංශය දෙමි.
567. “යමෙකුගේ ගමෙහි යහළුවෙක් නැද්ද, ඔහුට ඒ ගම අරණ්‍යය මෙන් වේ. එසේ මැයි. තාගේ මියුරු වචන සියල්ලටම සමානය එහෙයින් යහලුව, තට මේ මස් සියල්ලම දෙමියි,” කීයේය.
සබ්බමංසලාභජාතකං (මංසජාතකං (සී. ස්‍යා. පී.)) පඤ්චමං.
568. “බමුණ, මාගේ ලුල් මත්ස්‍යයෝ සත්දෙනෙක් දියෙන් ගොඩට ගෙණෙනලදහ. මාගේ මේ ආහාරය ඇත. මෙය අනුභව කොට වනයෙහි වාසය කරව,
569. “මාගේ මෙහි මේ කුඹුරු රකින්නහුට රෑ බතට ගෙණෙනලද අඟුරු මස්කොට පැලහු මස්හුල් දෙකක්ද එක් ගොයෙක්ද, එක් මිදුනු කිරි කළයක්ද යන මෙය බමුණ, මට ඇත්තේය. මෙය අනුභව කොට වනයෙහි වාසය කරව.