528. “දෙවයෙනි, රන් තැටියෙහි බහාලන ලද රක්ත වර්ණවූ මනොඥවූ මොහු කිනම් බිජුවට වෙද්ද, හෙවත්, කිනම් ගෙඩිද, ඔවුන් මා විසින් විචාරණ ලද්දේ කියව.”
529. “දේවිය, හිස මුඩුකොට කඩපිළිහඳනාවූ තී පෙර යම් ඵල කෙණෙකුන් ඔඩොක්කුවෙහි තබන ලද අත් ඇතිව කඩා රැස් කෙළෙහිද, එසේවූ තීගේ කුල සතුවූ ඩෙබර ඵලවේ.
530. “උසස්කොට දවන්නේය. මෙහි සිත් නොඇළෙයි. රාජ සම්පත්තීහු භාග්‍ය නැත්තාවූ ඈ දුරු කෙරෙත්. යම් තැනෙක්හි ඩෙබර කඩා එකතු කෙරේද, එහිම මෑ නැවත ගෙණ යව්.”
531. “මහරජ, සමෘද්ධියට පැමිණියාවූ ස්ත්‍රියට මෙසේවූ මේ ප්‍රමාද දෝෂයෝ වෙත්මැයි දෙවයෙනි, ක්ෂමාවුව මැනව, රාජොත්තමය මේ සුජාතාවට නොකිපෙවයි” කීයේය.
සුජාතජාතකං ඡට්ඨං.
532. “බමුණ සිත් නැත්තාවූ නොඅසන්නාවූ නොදන්නාවූ මේ කෑල ගස අඳුනන්නේයි ඒකාන්තයෙන් පටන් ගන්නාලද වීර්ය ඇත්තේ අප්‍රමාදවූයේ නිදීම විචාරයි. ඊට හේතු කිම?”
533. “මේ ගස දූර දෙශයෙහි ප්‍රසිද්ධද, මහත්ද වේ. සමවූ භූමි ප්‍රදෙශයෙහි සිටියේය. දෙවියන්ට නිවාස ස්වභාව ඇත්තේය. එසේහෙයින් මේ කෑල ගසද මේ ගසෙහි යම් මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙත්නම්, ඔවුන්ද, වස්තු ප්රතිලාභ හේතුවෙන් නමස්කාර කරමි.”
534. “බමුණ, කෙලෙහි ගුණ දන්නාවූ හේ මම ඒ ගුණය බලන්නෙම් මාගේ ආනුභාවය පරිද්දෙන් තට උපකාර කරන්නෙමි. තාගේ පිසීම් හැමදීම් ආදී කායවාක් කර්මයෝ සත්පුරුෂයන්ගේ ඉදිරියෙහි කෙසේනම් හිස් වූවාහු වෙද්ද?”
535. “තිඹිරි වෘක්ෂයාගේ එපිට යම් පුලිල රුකෙක්වීද, ඒ පුලිල ගසේ මුල පිරිවරණ ලද පෙර කළ යාග ඇති, (හෙවත්) පෙරකළ යාග වශයෙන් නිපන් ඌගේ අනේක නිදන් සැළිද හිමියෙක් නැත්තාවූ මහත්වූ මේ නිධානය භූමියෙහි සාරා තැන්පත් කරණ ලදී. යව, ඒ නිධානය මතුකොට ගණුවයි” කීයේය.
පලාසජාතකං සත්තමං.
536. “මෘගරාජය, යම් අපගේ බලයෙක් වීද, ඒ බලයවූ පරිද්දෙන් තොපට කටයුතු කෙළෙමු. තොපට නමස්කාර වේවා කිසිවක් ලබමුද?”
537. “රෞද්‍රවූ ක්‍රියාවන් කරන්නාවූ අනුන්ගේ ලේ මස් කන්නාවූ මාගේ දත් අතරට ගියාවූම තෝ යම් හෙයකින් වනාහී ජීවත් වන්නෙහිද, එයම තට අධිකවේ.
538. “කළ ගුණ නොදන්නාවූ කිසි උපකාරයක් නොකරන්නාවූ උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නොකරන්නාවූ පුද්ගලයෙක්වේද, යම් පුද්ගලයෙකු කෙරෙහි කළගුණ දන්නා බවක් නැද්ද, එබඳු වූවහුගේ සේවණය කිරීම නිරර්ථකවේ.
539. “යමෙකුගේ අභිමුඛයෙහි කරණ ලද ගුණයෙන් මිත්‍ර ධර්මය නොලැබේද, ඔහුට ඊර්ෂ්‍යා නොකොට නොබැන සෙමින් ඔහු කෙරෙන් ඉවත්ව යන්නේයයි” කීයේය.
සකුණජාතකං අට්ඨමං.