451. කුශල ධර්මයෙන් යුක්තවූ යම් පුද්ගලයෙක් උතුම්වූ ධර්ම හෝ ඒ ධර්මයෙන් යුක්තවූ පුද්ගලයා හෝ සෙවනය කෙරේද, හෙතෙම ඉතා උතුම් වන්නේය. එසේමැයි. එකෙකු හා සමග මෛත්‍රී භාවනාව කොට වධයට සුදුසුවූ සියයක් පමණ තොප මරණින් මිදුවෙමි.
452. සියලු ලෝකයා හා සමග එකතුව මෛත්‍රී භාවනා කොට කුමක් හෙයින් පරලොව ස්වර්ගයට නොයන්නේද, කශීරට වැසියනි, මේ වචනය අසවු.
453. කංස නම්වූ බරණැස නිවාස ගෘහ ඇති මහරජතෙම මේ වචනය කියා දුන්නද හියවුරද බහා තබා ශීල සංයමයට පැමිණියේයයි.
2. සෙය්යංසජාතකං.
454. පෙර මේ පෙදෙසෙහි හැසිරෙන්නේ ඌරන් මෙල්ලකොට උතුම් උතුම් ඌරන් මරන්නාවූ තෝ දැන් තනිවූයේ ඉවත්ව සිතන්නෙහිය. ව්‍යාඝ්‍රය, තාගේ බලය අද නැත්තේද?
455. මේ ඌරෝ පෙර භයින් පීඩිත වූවාහු රක්ෂාස්ථාන සොයන්නාහු වෙන වෙන දිසාවෙන් දිසාවට යති. දැන් එක තැනට එකතුව නාද කෙරෙත්. යම් තැනෙක්හි සිටියාවූ මොහු අද මා විසින් නොමැඩිය හැක්කාහුයි,
456. රැස්වූ ශූකර සමූහයන්ට නමස්කාර වේවා. පෙර නොවූ මිත්රභාවයක් තෙමේ දැක කියමි. යම් තැනෙක්හි දළ ඇත්තාවූ මෘග සංඛ්‍යාත වූ ඌරෝ ව්‍යාඝ්‍රයා දිනුවාහුද, දළ බලකොට ඇත්තාවූ ඌරන් අතුරෙහි සමගිය හේතුකොට ගෙන සතුරා මැඩ මරණින් මිදුනාහුය.
3. වඩ්ඪකීසූකරජාතකං.
457. හස්තිශිල්පාදී උගත් ශිල්ප ඇත්තාවූද, ශිල්ප නැත්තාවූද, උත්සාහ ඇත්තාවූ සිත් නැති ජනයෝ බොහෝවූ යම් වස්තුවක් රැස්කෙරෙත්ද, ඒ වස්තූන් පිනැත්තෙක්ම අනුභව කෙරේ.
458. සෑමතන්හිම කළ පින් ඇත්තාහට අන්‍යවූ ප්‍රාණීන් මැඩපවත්වා ආයතන නොවූ තන්හිද බොහෝවූ සම්පත් වනාහි උපදිත්.
459. ලාමක නොවූ කළ පින් ඇත්තාවූ සත්වයාහට ශ්‍රීමත් වූ කුකුළෝද, මාණික්යයෝද ශ්‍රීමත්වූ ආරක්ෂා යෂ්ටියද කරණලද පින් ඇති ස්ත්‍රී ලක්ෂණයෙන් යුක්තවූ ස්ත්‍රීහුද උපදිත් යයි.
4. සිරිජාතකං.
460. සත් හවුරුද්දක් මැණික් ගුහායෙහි තිසක් පමණ දෙන විසුවෙමු. මාණික්යයා ගේ ශොභාව නසම්හයි අප විසින් මන්ත්‍රණය කරණ ලද්දේ විය.
461. මැණික යම් යම්තාක් යමක්උලා ශුද්ධකරමුද, වැඩි වැඩියෙන් බබලයි. බමුණ, නුඹ විචාරමු මේ කාරණයෙහි කටයුත්ත කුමකැයි සිතන්නෙහිද?
462. මේ මැණික වෛදූර්ය ජාතිය වෙයි. කර්කෂ නොවේ. නිර්මලය. සුභය, එහෙයින් මේ මාණික්‍යරත්නයාගේ සොභාව නසන්නට නොපිළිවන. ශූකරයිනි බැහැරයවු යයි.
5. මණිසූකරජාතකං.