427. සිඛා ඇත්තාවූ චෞරවූ මේඝයා මුත්තනුවන් කොට ඇති මේ කෙකිණි කවරක්ද? පින්වත් කෙකින්න, මෑතට එව, මාගේ අර පැසෙහි හෝනා කවුඩෙක්වූ යහළුවා චණ්ඩවේ.
428. මම කුඩිම්බිය ඇත්තාවූ කෙකින්නක් නොවෙමි. මම ලොල්වූ කවුඩෙක්මි. තොපගේ වචනය නොකොට පියාපත් උදුරන ලද්දේ වෙමි. ගොචර භූමියෙහි සිට ආයෙහි මා බලවයි.
429. යහළුව, නැවතද මෙබඳු දුකට පැමිණෙන්නෙහිද තාගේ ආචාර ශීලය වනාහි එබඳුය. මනුෂ්‍ය ලෝකයෙහිවූ භොගයෝ පක්ෂියා විසින් සුවසේ අනුභව කටයුත්තෝ නොවෙත්යයි.
4. ලොලජාතකං
430. සිත්කලුවූ මේ කෙකින්න කවඩු කැදැල්ලෙහි හිඳී ඕ කවරක්ද? මාගේ යහළුවූ කවුඩු තෙමේ චණ්ඩය ඔහුගේ මේ නිවාසයවේ.
431. යහළු ද්විජය, සාමාක නම් ඈ තෘණ බීජ භොජන කොට ඇත්තියක මා හඳුනන්නෙහිද? තොපගේ අවිවාද වචනය නොකොට පියාපත් සිඳුනා ලද්දේ වීමි. ගොචර භූමියෙන් ආයෙහි බලව.
432. යහළුව, නැවතද දුකට පැමිණෙන්නෙහි තාගේ ශීලය වනාහි එබඳුය. මනුෂ්‍ය ලෝකයෙහි වූ භොගයෝ පක්ෂියෙකු විසින් අනුභව කටයුත්තෝ නොම වෙත්යයි.
5. රුචිරජාතකං.
433. ජනප්‍රධානය, ඔබගේ ශ්‍රද්ධාවද, ශීලයද, වර්ණයද නොහොත් ගුණයද දැන අඤ්ජන වර්ණවූ තොපගේ හස්තිරාජයා කරණකොටගෙන කළිඟුරට රජු සමීපයෙහි, රජ්ජුරුවෙනි, තොපට ඇතු ගෙණ එම්හයි ධන ධාන්‍යයෙන් පරිවර්තනය කෙළෙමු.
434. අනුන් නිසා ආහාරාදීන් ජීවත්වන්නාහුද, අනුන් නිසා වැස තමාට කැමතිසේ හැසිරෙන ජීවිත ඇත්තාහුද යන මොවුන්ගෙන් යමෙක් මේ ලෝකයෙහි යමෙකු උදෙසායේද, මේ සියල්ලෝ ප්‍රතික්ෂේප නොකටයුත්තෝවෙති. මේ පූර්වාචාර්යයන්ගේ වචනයයි.
435. බමුණනි, තොපට රජුන්ට සුදුසුවූ රජුන් විසින් පරිභොග කටයුතුවූ යසස් ඇත්තාවූ අලංකෘතවූ රන් දැලින් මුවහකරණලද හස්ත්‍යාචාරීන් සහිතවූ මේ ඇත් රජහු දෙමි. කැමති මගකින් ගෙණයවුයයි.
6. කුරුධම්මජාතකං.
436. රෝමකය, ගල්ගුහාවෙහි මඳක් අධිකවූ පනස් අවුරුද්දක් විමසූම්හ. පෙර සැක නොකරන්නාවූ සන්හුන් චිත්ත සන්තාන ඇති පක්ෂීහු මාගේ අත් පසට එන්නාහුයයි.
437. වක්‍රවූ බෙල්ලක් ඇතිහෙයින් වක්කවග නම් තැනැත්ත පෙර විශ්වාසවූ පක්ෂීහු දැන් කුමක් සඳහා අන් පර්වතයකින් කඳුරැළියකට යෙත්ද, යම්සේ පෙරවූවාහුද, එසේම මා නොසිතතියි සිතමි. බොහෝ කලක් වෙන්ව විසූ හෙයින් නොහඳුනද්ද? නොහොත් මොවුහු ඒ අප අඳුනන පක්ෂීහු නොවෙත්දැයි නොයෙක් ලෙස කියා වසඟ කරන්නට යත්න කෙරේ.
438. ආජීවකය, තා දනිමු. අපි මුළාවූවාහු නොවෙමු. තෝ ඒ තාපසයාමය. අපි ඔහුමය, අන්‍යයෝ නොවම්හ. තාගේ සිතද, මේ පක්ෂි ජනයා කෙරෙහි වෙනස්වූයේය. එසේ හෙයින් තට භයවෙමු.
7. රොමකජාතකං.
439. සැහැල්ලුවූ හිතේ පැවැත්ම ඇති මිත්‍රද්‍රොහියාගේ මේ දුක සියලු කැමති අර්ථයන් දෙන්නහු මෙන් කවර කාරණයක් සඳහා ඉවසන්නෙහිද?
440. මොහු අඟින් ඇන විනාශකරව. පයින්ද මැඬලව. වළකන්නෙක්ද නොවූයේ නම් අඥානයෝ බොහෝසේ කිපෙන්නාහුය.
441. මෙතෙම මට මෙන් හඟින්නේ සෙස්සහුටද මෙසේ කරන්නේය. ඔහු එතැන්හි ලා ඒ වඳුරා විනාශ කරත්. මට ඒ පාපයෙන් මිදීම වන්නේයයි.
8. මහිසජාතකං.