421. යම් මිත්රයෙකු හා එක්වීමෙන් යෝගක්ෂේමය (සැනසීම) නැසෙයිද, නුවණැත්තා කලින්ම (එබඳු මිතුරාගෙන්) තමාගේ ඇසක් මෙන් (පරිස්සමින්) රක්ෂා කරගන්නේය.
422. යම්බඳුවූ කල්යාණ මිත්රයකු හා සමග කළ ආශ්රය හේතුකොටගෙන කායචිත්ත දෙදෙනාගේ සුඛභාව වැඬේද නුවණැති පුරුෂතෙම ඔහුගේ සියලු කටයුත්තෙහි තමා හා සමවූ පැවැත්ම කරන්නේය.
423. ව්යාඝ්රයෙනි, එවු, නවතිවු, මේ මහා වනයට නැවත එළෙඹෙවූ ව්යාඝ්රයන් රහිතවූ වනය නොකපත්වා, ව්යාඝ්රයෝ වන නැත්තාහු නොවෙත්වා.
2. ව්යග්ඝජාතකං.
424. පුරවන ලද බත් පාත්රයක් ගත්තෙකු මෙන් කවරෙක්ද? පිරුණාවූ අත් ඇති බ්රාහ්මණයෙකු මෙන් කවරෙක්ද? කවර ප්රදෙශයෙක්හි පිඬු පිණිස හැසුරුනෙහිද, කවර නම් ශ්රද්ධාවන්තයෙකු වෙත පැමිණියේද?
425. මම නුවණ නැත්තාවූ වඳුරෙක්වීමි. ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කෙළෙමි. ඔබට යහපතක් වේවා, නුඹ මා මුදනු මැනව. මෙයින් මිදුනේ පර්වතයට යන්නෙමි.
426. ඉදිබුවෝ නම් කාශ්යප ගොත්ර ඇත්තෝ වෙත්. වඳුරෝ නම් කොණ්ඩඤ්ඤ ගොත්රයෙහි වූවෝ වෙත්. කාශ්යපය, කොණ්ඩඤ්ඤයා මුදව, කාශ්යප ගොත්රයෙහි උපන් තා හා සමග නොසමවූ කොණ්ඩඤ්ඤ ගොත්රයෙහි උපන් ලොල්වූ මොහු මෛථුන කෘත්යයක් කරණ ලදී. එහෙයින් හැරපියවයි කීයේය.
3. කච්ඡපජාතකං.
427. සිඛා ඇත්තාවූ චෞරවූ මේඝයා මුත්තනුවන් කොට ඇති මේ කෙකිණි කවරක්ද? පින්වත් කෙකින්න, මෑතට එව, මාගේ අර පැසෙහි හෝනා කවුඩෙක්වූ යහළුවා චණ්ඩවේ.
428. මම කුඩිම්බිය ඇත්තාවූ කෙකින්නක් නොවෙමි. මම ලොල්වූ කවුඩෙක්මි. තොපගේ වචනය නොකොට පියාපත් උදුරන ලද්දේ වෙමි. ගොචර භූමියෙහි සිට ආයෙහි මා බලවයි.
429. යහළුව, නැවතද මෙබඳු දුකට පැමිණෙන්නෙහිද තාගේ ආචාර ශීලය වනාහි එබඳුය. මනුෂ්ය ලෝකයෙහිවූ භොගයෝ පක්ෂියා විසින් සුවසේ අනුභව කටයුත්තෝ නොවෙත්යයි.
4. ලොලජාතකං
430. සිත්කලුවූ මේ කෙකින්න කවඩු කැදැල්ලෙහි හිඳී ඕ කවරක්ද? මාගේ යහළුවූ කවුඩු තෙමේ චණ්ඩය ඔහුගේ මේ නිවාසයවේ.
431. යහළු ද්විජය, සාමාක නම් ඈ තෘණ බීජ භොජන කොට ඇත්තියක මා හඳුනන්නෙහිද? තොපගේ අවිවාද වචනය නොකොට පියාපත් සිඳුනා ලද්දේ වීමි. ගොචර භූමියෙන් ආයෙහි බලව.
432. යහළුව, නැවතද දුකට පැමිණෙන්නෙහි තාගේ ශීලය වනාහි එබඳුය. මනුෂ්ය ලෝකයෙහි වූ භොගයෝ පක්ෂියෙකු විසින් අනුභව කටයුත්තෝ නොම වෙත්යයි.
5. රුචිරජාතකං.
433. ජනප්රධානය, ඔබගේ ශ්රද්ධාවද, ශීලයද, වර්ණයද නොහොත් ගුණයද දැන අඤ්ජන වර්ණවූ තොපගේ හස්තිරාජයා කරණකොටගෙන කළිඟුරට රජු සමීපයෙහි, රජ්ජුරුවෙනි, තොපට ඇතු ගෙණ එම්හයි ධන ධාන්යයෙන් පරිවර්තනය කෙළෙමු.
434. අනුන් නිසා ආහාරාදීන් ජීවත්වන්නාහුද, අනුන් නිසා වැස තමාට කැමතිසේ හැසිරෙන ජීවිත ඇත්තාහුද යන මොවුන්ගෙන් යමෙක් මේ ලෝකයෙහි යමෙකු උදෙසායේද, මේ සියල්ලෝ ප්රතික්ෂේප නොකටයුත්තෝවෙති. මේ පූර්වාචාර්යයන්ගේ වචනයයි.