373. මහළු ලිඳක් කනින්නාහු දියෙන් ප්‍රයෝජන ඇත්තාවූ වෙළෙන්දෝ කළු යකඩද, තඹද, සුදු ඊයම්ද, කළු ඊයම්ද, රිදීද, රත්රන්ද, මුතුද, වෛදූර්ය මාණික්‍යයද ලැබූහ.
374. එයින් නොසතුටුවූ ඒ වෙළෙන්දෝ වැඩි වැඩිය සෑරූහ. ඔවුන් එහි තේජස් ඇත්තාවූ දරුණුවූ සර්පයෙක් තමාගේ විෂ තේජසින් පහළේය.
375. එහෙයින් කනින්නේය. අධික කොට නොකණින්නේය. කුමක් හෙයින්ද යත්? අතිශයින් සාරණ ලද්ද වනාහි ලාමකවේ. පමණට කැණීම හේතුකොට ගෙන මුක්තාදි වස්තුව ලබන ලදී. අධික කොට කැණීමෙන් ලබන ලද වස්තුවද නසන ලදැයි” කීයේය.
6. ජරූදපාන ජාතකය.
376. මෙතෙම ගෘහයන් සම්බන්ධව දක්ෂයෙක් නොවේ. ලොල්වූ රැලි වැටුනු මුහුණු ඇති මෙතෙම කළ කළ දෙයක් වනාහි දූෂ්‍ය කරවන්නේය. එසේමැයි මේ වඳුරන්ගේ කුලය මෙබඳු ස්වභාවය ඇත්තේයි.
377. පරීක්ෂණ ඥානයෙන් යුක්තවූවෙකුට මෙසේවූ ලෝමය නැත. මෙතෙම අනුන් අස්වසන්නාවූ මෘගයෙක් නොවෙයි. මෙතෙම කිසිවක් නොදනී යයි මට ජන සන්ධ රජහු විසින් අනුශාසනා කරණ ලදී.
378. මව හෝ පියා හෝ සහෝදරයෙකු හෝ නැගණියකු හෝ යහලුවෙකු හෝ එබඳුවූ පුරුෂයෙක් පොෂණය නොකරන්නේ යයි මට දශරථ නම් රජහු විසින් අනුශාසනා කරණ ලදී.
7. අදාසමුඛ ජාතකය.
379. චන්ද්‍ර සූර්ය දෙදෙනා යම් පමණ තැන් පරිහරණය කෙරෙත්ද, යම් පමණවූ දිසාවන් බබුලුවත්ද, යම්තාක් බබළන ස්වභාව ඇත්තාහුද, ඒතාක් තැන්වල භූමිය ඇසුරු කළාවූ යම් ප්‍රාණීහු ඇත්ද, ඒ සියල්ලෝම මන්ධාතු රජහුගේ දාසයෝය.
380. කහවණු වර්ෂාවෙන්ද කාමයන්හි තෘප්තියෙක් විද්‍යමාන නොවේ. එහෙයින් කාමයෝ අල්පවූ ආස්වාද ඇත්තෝ යයි දුක් වූවාහුයයි මෙසේ පණ්ඩිතතෙමේ දැන
381. ඒ පුරුෂතෙම දිව්‍යවූ කාමයන්හිද ඇල්මට නොපැමිණේ. එසේමැයි සමයක් සම්බුද්ධයන්ගේ ශ්‍රාවකතෙමේ තෘෂ්ණාවගේ ක්ෂය කිරීමයයි කියනලද නිවනෙහි ඇලුනේ වෙයි” වදාළේය.
8. මන්ධාතු ජාතකය.
382. මේ තපස්වියාගේ විද්‍යායෙන් නිපදවූ කිසිවක් නැත. තාගේ නෑයෙකුදු නොවේ තාගේ වනාහි යහළුවෙකුත් නොවේ. තවද කවර නම් කරුණකින් තිරීට වච්ඡ නම් ත්‍රි දණ්ඩයක් ඇති මෙතෙම අධිකවූ රස ඇති හෙයින් අග්‍ර නම්වූ පිණ්ඩය හෙවත් මේ බත අනුභව කෙරේද,