18. පණ්ණාස නිපාතය
1. නලිනිකා ජාතකය.
3326. “නලිනී කුමරිය මෙහි එව, ජනපදය නියඟෙන් දා ගියාක්මෙන් වේ. රටද විනාශ වේ. යව, ඒ මාගේ රටට වැසි වළක්වන්නාවූ බ්‍රාහ්මණයා හෙවත් ඉසිසිංග තාපසයා වසඟකරගෙණෙවයි රජතෙම කීයේය.
3327. “මහරජ, මම දුක් නොඉවසිය හැක්කෙමි. මම මාර්ගය දැනීමෙහිද දක්ෂ නොවෙමි. වනැතුන් විසින් සේවනය කරණ ලද මහ වනයෙහි මම කෙසේ යන්නෙම්දැයි නලිනී කුමරිය ඇසුවාය.
3328. “එම්බා නලිනී කුමරිය, හස්ති යානාවෙන්ද රථයානාවෙන්ද සමෘද්ධවූ ජනපදයට ගොස් සුදුසුතැන්හි දැවමය යානාවෙන්දැයි මෙසේ යව.
3329. “හස්ති සේනාවද, අශ්ව සේනාවද, රථ සේනාවද, පාබල සේනාවද ක්ෂත්රියයන්ද හැරගෙන යව, තීගේම වර්ණයෙන් හා රූපයෙන් ඒ තාපසයා වසඟයට පමුණුවාගෙණ එන්නෙහියයි රජතෙම කීයේය.
3330. “කදලී නම් ධ්වජ සලකුණු ඇත්තාවූ ආභූජිපත්ර වනයෙන් පිරිවරණලද්දාවූ සිත්කළුවූ ඉසිසිංග තාපසයාගේ මේ ආශ්රමයතෙම දක්නාලැබේ.
3331. “මේතෙම ඒ තාපසයා විසින් පුදනලද ගින්නවේ. එහි මේ දුම දක්නාලැබේ. මහත් ඍද්ධි ඇත්තාවූ ඉසිසිංග තාපසතෙම ගිනිපුදායයි සිතමියි කීයේය.
3332. “ඉසිසිංග තාපසතෙම අමුනනලද මිණිකොඬොල් ඇති එන්නාවූ ඇයද දැක බියවූයේ කොළ සෙවිලි කළාවූ අසපුවට පිවිසියේය.
3333. “මේ තාපසයාගේ අසපුව දොරටුවෙහිද ඕතොමෝ අවයව දක්වමින් රහස් අවයවද ප්‍රකට කෙරෙමින් පන්දුවකින් ක්‍රීඩාකරයි.
3334. පන්සලට වැදුනාවූ තපස්වීතෙම ක්රිඩාකරන්නාවූ ඇයද දැක අසපුවෙන් නික්ම මේ වචනය කීයේය.
3335. “පින්වත, යම්බඳුවූ ඔබගේ මෙසේ ගියාවූ පන්දුව දුරටද දමනලද්දේ පෙරලා එයද, ඔබහැර නොයයිද, එබඳු ඵල ඇති ගස කිනම්වේදැයි
3336. “එම්බා තාපසය, ගන්ධමාදන පර්වතයෙහිවූ මාගේ අසපුව සමීපයෙහි යම් ගසක මෙසේ ගියාවූ ඵලය දුරටද දමා ගසනලද්දේ පෙරලා ඒද, මා හැරදමා නොයයිද, එබඳු වෘක්ෂයෝ එහි ඇත්තාහයි මෙසේ බොරු කීවාය.
3337. “පින්වත්තෙමේ මේ අසපුවට ඒවා, පලවැල අනුභව කෙරේවා. පා දෝනා පැන්ද, කෑයුතු පලවැලද, පිළිගණුව. තොපට දෙමි. මේ ආසනයවේ. පින්වත් තෙමේ මෙහි හිඳගනීවා. පින්වත් තෙමේ මෙයින් අල මුල් හා පලවැල අනුභව කෙරේවායි කියේය.
3338. “පින්වත ඔබගේ ඌරුයුග්මය අතර මනාස්පර්ශ ඇති කළුවූවක් මෙන් මේ කුමක්නම් පෙනේද, විචාරණ ලද්දේ මේ කාරණය මට කියව, ඔබගේ උතුම් අවයවය හෙවත් ලිඟු සටහන ශරීර සංඛ්‍යාත කෝශයෙහි ඇතුල්වීදැයි ඇසීය.
3339. “පින්වත් තාපසය මම වනයෙහි අල මුල් හා පලතුරු සොයමින් හැසිරෙන්නේ ඉතා දරුණු ස්වභාව ඇති වලසෙකුට ලංවිමි. ඒ වලසා මා වෙතට පැනගෙණ වහා පැමිණියේ මා පෙරලා මාගේ උතුම් අවයවය කටින් ඩැහැ උදුරා ගත්තේය.
3340. “ඒ මේ වනයතෙම සෑරෙයි. කැසීමද කෙරෙයි එහෙයින් සියලුකල්හිම මම සුවයක් නොලබමි. පින්වත් තෙමේ මේ කැසීම දුරුකරන්ට සමර්ථවේ. මා විසින් යාඥා කරණලද පින්වත්තෙමේ බ්‍රාහ්මණයාගේ මේ කටයුත්ත කෙරේවායි
3341. “පින්වත ඔබගේ මේ වනයතෙම ගැඹුරු ස්වභාව ඇත්තේය. රතු පැහැ සහිතය. කුණුමස් නැත්තේය. මඳ මද ගඳ ඇත්තේය. මහත්වූයේද වේ. පින්වතා යම්සේ අතිශයින් සුවපත්වූවෙක් වන්නේද, එසේ ඔබට කිසියම් කෂාය යෝගය කරමියි ඉසිසිංග තාපසයා කීයේය.
3342. “පින්වත් බ්‍රහ්මචාරීය, මන්ත්‍ර යෙදීම්ද, කෂාය යෙදීම්ද, ඖෂධයෝද යන මොහු මෙය පහසු බවට නො පමුණුවත්. යම්සේ මම ඉතා සුව ඇත්තෙක් වන්නෙම්ද එපරිද්දෙන් ඔබගේ මෘදුවූ යම් අවයවයක්වේද, එයින් මේ කැසීම දුරුකරවයි නලිනීතොමෝ කීවාය.
3343. “මෙතනින් කවර දිශාවෙක්හි පින්වතාගේ අසපුව වේද, කිම පින්වතා වනයෙහි සිත්අලවන්නෙහිද, කිම ඔබට අල මුල් හා පලතුරු බොහෝ වේද, කිමෙක පින්වතාට වන මෘගයෝ හිංසා නොකෙරෙද්දැයි ඉසිසිංග තාපසයා ඇසූයේය.
3344. “පින්වත, මෙතැනින් ඍජුව උතුරුදිශාවෙහි ඛෙමා නම් ගංගාව හිමවත් පර්වතයෙන් ගලාබසියි. ඒ ගඟ ඉවුරෙහි මාගේ සිත්කළු අසපුව වේ. පින්වතා මාගේ අසපුව දක්නේ නම් යහපති.