“එම්බා ආචාර්ය්යය, රළුවූ අඳුන් දිවිසම් ඇති මැලියම් සහිත දත් ඇති, අඳුන් නොගෑමෙන් නොසැරසීමෙන් අයහපත් මුහුණු හා රූප ඇති යම් ඒ ජටාධර තාපස කෙනෙක් මන්ත්‍ර පිරවීම කෙරෙත්ද, කිමෙක්ද, ඔව්හු මිනිසුන් විසින් කළයුත්තෙහි මේ තපස දන්නාහු ඔව්හු අපාය දුකින් මිදුනාහු වෙද්දැයි (රජතෙම ඇසීය.)
“මහරජ, ඉදින් බොහෝ ඇසූ පිරූතැන් ඇත්තේද, කුශල ධර්මයෙහි නොහැසිරෙන්නේ නම් පාප කර්ම කරන්නේ තමා දහසක් වේද දැනගත් නමුත් එය නසා අෂ්ට සමාපත්ති සංඛ්‍යාත චරණ ධර්මයට නොපැමිණ දුකින් නොමිදෙන්නේ යයි පුරෝහිත තෙම කීයේය.
“දහසක් වේද දත්තේද එය නිසා චරණ ධර්මයට නොපැමිණ දුකින් නොමිදෙන්නේ නම් වෙදයෝ නිෂ්ඵල වෙත්. ශීල සංයමයෙන් යුත් චරණයම සත්‍යයයි හඟිමියි (උද්දාලකතෙම කීයේය.)
“වෙදයෝ නිෂ්ඵලයයි මම නොකියමි. ශීල සංයමයෙන් යුක්තවූ චරණයම සත්‍යයවේ. වෙදයන් හදාරා කීර්තියටම පැමිණේ අෂ්ට සමාපත්ති සංඛ්‍යාත චරණයෙන් දමනයවූයේ භය සංසිඳීම ඇති නිවනට පැමිණේයයි (පුරෝහිත තෙම කීයේය.)
“මව්පියෝද නෑයෝද පොෂණය කටයුතුයි. යමෙකු නිසා උපන්නේද හෙතෙමේද පොෂණය කටයුතුයි ඒ උද්දාලක නම් මම පින්වත්හුගේ බ්‍රාහ්මණ වංශය රැකීමට සුදුසු පුත්රවෙමියි කීයේය.
“පින්වත, කෙසේනම් බ්රාහ්මණවේද, කෙසේ සියල්ල සම්පූර්ණවූවෙක්වේද, කෙසේ පරිනිර්වාණයවේද, කුමකින් ධර්මයෙහි පිහිටියේයයි කියනු ලැබේදැයි ඇසීය.
“බමුණුතෙම නිරන්තරයෙන් ගිනිගෙණ පුදයිද, දිය ඉසීම කෙරේද, යාග පිණිස ටැඹ ඔසවාද, මෙසේ කරන්නාවූ බමුණුතෙම නිර්භයවූයේ වෙයි. එහෙයින් ඔහු ධර්මයෙහි පිහිටිය හුයයි කීවාහුයයි කීයේය.
“දිය ඉසීමෙන්ද පිරිසුදුවීමක් නැත්තේය. ගිනි පිදීමාදිය කළ පමණින් සියල්ල සම්පූර්ණවූ බ්‍රාහ්මණයෙක්ද නොවේ. ඉවසීමද නොවේ. සුරත භාවයද නොවේ හෙතෙම පිරි නිවියේද නොවේයයි කීයේය.
“කෙසේ නම් හෙතෙම බ්රාහ්මණවේද, කෙසේ සියල්ල සම්පූර්ණවූයේවේද, කෙසේ නම් පරිනිර්වාණයවේද, කුමකින් ධර්මිෂ්ටයායයි කියනු ලැබේදැයි ඇසීය.
“යමෙක් වතු කුඹුරු හා නෑයන් නැත්තේ මමත්වය කිරීමක් නැත්තේ ලාභාදියෙහි ආසා නැත්තේ පවිටුවූ විෂම ලෝභ රහිතවූයේ ක්ෂයවූ භවාසාව ඇත්තේවේද, මෙසේ කරන්නාවූ බ්‍රාහ්මණ තෙමේ නිර්භයවේ. එහෙයින්ම ධර්මයෙහි පිහිටියේයයි කීවාහුය.
“එම්බා පුරෝහිත බ්‍රාහ්මණය, ක්ෂත්‍රියයෝය බ්‍රාහ්මණයෝය වෛශ්‍යයෝය. ශුද්‍රයෝය චණ්ඩාලයෝය. පුක්කුසයෝය යන සියල්ලෝම සුරත භාවය ඇත්තාහු දැමුනාහුද, සියල්ලෝම පිරිනිවියාහුද මෙසේ නිවීසැනහී ගිය ඒ සියල්ලන්ගේ මෙතෙම උතුම්ය. මෙතෙම හීනය යන වෙනසක් ඇද්දැයි උද්දාලකතෙම ඇසීය.
“ක්ෂත්රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය ශුද්‍රයෝය චණ්ඩාල පුක්කුසයෝය යන සියල්ලෝම සුරත භාවය ඇත්තාහු දමනය වූවාහුද, සියල්ලෝම පිරිනිවියාහුද, මෙසේ සිහිල්වූ ඒ සියල්ලන්ගෙන් මෙතෙම උතුම්ය මෙතෙම ලාමකය යන වෙනසක් නැත්තේයයි (පුරෝහිතතෙම කීයේය.)
“ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය ශුද්‍රයෝය, චණ්ඩාල පුක්කුසයෝය යන සියල්ලෝම සුරත භාවය ඇත්තාහු දමනයවූවාහුද, සියල්ලෝම පිරිනිවියාහුද,
“මෙසේ නිවී සැනහීගියාවූ සියල්ලන්ගේ ශ්රේෂ්ඨයායයිද හීනයායයිද වෙනසක් නැත්තේ නම් බ්‍රාහ්මණයන්ගේ කුල පරම්පරාවෙන්වූ බ්‍රාහ්මණ භාවය නසා සැඩොලුන් සමානව හැසිරෙන්නහුයයි කීයේය.
“යම්සේ නොයෙක් පැහැඇති වස්ත්‍රවලින් ගෙයක් වසනලද්දේවේද, ඒ වැසූ වස්ත්‍රයන්ගේ සෙවනට ඒ පැහැය නොපැමිණේද,
“මෙපරිද්දෙන්ම මිනිසුන් අතර යම් කලෙක්හි මානවකයෝ පිරිසුදු වෙද්ද, සුසිල්වත්හු ධර්මය දැන ඔවුන්ගේ ජාතිය නොවිචාරත්යයි පුරෝහිතතෙම කීයේය.
උද්දාලකජාතකං චතුත්ථං.