1915. නුවණැති පුරුෂ තෙමේ පටන් ගත් කටයුත්තෙහි ආශාව නොහරින්නේය. හෙවත් බලාපොරොත්තු වන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්දයත් යම්සේ මම කැමති වීම්ද, එසේම විය. ඒ මම වනාහි තමන් දකිමි.
1916. නුවණැති පුරුෂතෙමේ ආශාව නොසිඳින්නේමය. නොකලකිරෙන්නේය. ඒ මම වනාහි දියෙන් ගොඩ එනලද තමන් දකිමි.
1917. නුවණැති පුරුෂතෙමේ උත්සාහ කරන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්ද යත් යම්සේ මම කැමතිවීම්ද, එසේ වූයේය. මම වනාහි ඒ තමන් දකිමි.
1918. නුවණැති මිනිස්තෙමේ පටන්ගත් කටයුත්තෙහි උත්සාහ කරන්නේමය නොකළකිරෙන්නේය. මම වනාහි දියෙන් ගොඩ එනලද ඒ තමන් දකිමි.
1919. දුකට පැමිණියාවූද නුවණැති මනුෂ්යතෙමේ සැපයට පැමිණීමෙහි ආශාව නොසිඳින්නේය. අහිතවූද හිතවූද නොසිතනලද බොහෝවූ ස්පර්ශයෝ වනාහි සත්වයාට පැමිණෙත්.
1920. නොසිතන ලද්දවේ. සිතන ලද්ද වැනසේ. ස්ත්රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම පම්පත් නොලැබෙතියි (රජතෙම උදන් ඇනීය.)
1921. මහරජ, නුඹ වහන්සේ පෙර දවස පර්වත දුර්ගයෙහි යම් සරභ මුවෙකු ලුහුබැඳ ගියේද, කරුණා සිත් ඇති ඒ මුවාගේ නරාවළෙන් ගොඩ ගැණීමට කරණ ලද උත්සාහය නිසා ඔබ ජීවත් වෙහිය.
1922. යම් සරභ මෘගයෙක් ගලින් යානයක් හෙවත් ගොඩ නැගීමට සුදුසු උපායක් කොට ගොඩ නැගිය නොහැකිවූ නරාවලින් ඔබ ගොඩ ගත්තේද, දුකට පැමිණියාවූ ඔබ මරුවාගේ මුඛයෙන් මිදුයේද, කරුණා සිත් ඇති ඒ මුවාගේ ගුණය කීයහියයි පුරෝහිතතෙම කීයේය.
1923. “බ්රාහ්මණය, එකල්හි නුඹ එහි සිටියේද, නොහොත් කිසිවෙක් ඒ මේ කාරණය කීයේද, නැතහොත් නුඹ විවෘත කළ කෙළෙස් සෙවෙනි ඇති සියල්ල දන්නාසුළු සර්වඥවෙහිද, ඔබගේ නුවණ වනාහි බලවත් ස්වභාව ඇත්තෙකැයි කීයේය.
1924. “මහරජ, මම වනාහි එකල්හි එහිද නොමවූයෙමි. අන්කිසිවෙක්ද මට ඒ මේ කාරණය නොමකීය. මනාකොට කියනලද ගාථා පාදයන්ගේ වනාහි යම් අර්ථයක්වේද ප්රාඥයෝ ඒ අර්ථය සලකත්යයි කීයේය.
1925. “මහරජ, හී පත්ර ඇති අනුන්ගේ වීර්ය්ය නසනසුළුවූ හීතලය දුන්නෙහි සරසාගෙණ නුඹවහන්සේ කුමකට සැක කරන්නෙහිද, උතුම් ප්රඥා ඇති රජුනි, හී සැරය විද සරභමුවා වහා නසාවා මේ සරභමුවා වනාහි රජහුගේ ආහාරයයි කීයේය.
1926. “බ්රාහ්මණය, මුවා ක්ෂත්රියයාගේ ආහාරය යන මේ කාරණය මමද ඒකාන්තයෙන් දනිමි. යම්හෙයකින් මම පෙර කළගුණයට පුදන්නෙම්ද, එහෙයින් මේ සරභමුවා නොමරමියි කීයේය