1424. නිග්රොධ රජ මම මොහු නොහඳුනමි. මේ කවරෙක්ද, කාගේ එකෙක්දැයි ශාඛයා යම්සේ කීයේද, එපරිද්දෙන් කිමෙක්ද, තොපිත් සිතව්ද,
1425. ශාඛයාගේ වචනය කරන්නාවූ පුරුෂයෝ මුඛප්රහාරයන් දී ඉන්පසු ගෙල අල්වා ගැන්මෙන් මාස පිටත දැමූහ.
1426. ජනාධිපතිය, තොපගේ යහළුවූ නුවණ නැත්තාවූ කළගුණ නොදන්නාවූ මිත්ර ද්රෝහීවූ ශාඛයා විසින් මෙබඳුවූ අකටයුත්තක් කරණ ලදී.
1427. යහළුව, තෝ මට යමක් කීයෙහිද, එය මම නොදනිමි. ශාඛයා විසින් කරණ ලද පීඩාව මට වනාහි කිසිවෙක් නොකීයේය.
1428. ඒ තෝ මටද ශාඛයාද යන මේ යහළුවන් දෙදෙනාට සමානව ජීවත්වීම සිදුකෙළෙහිය. අපට තෝ ඓශ්චර්ය දෙන්නෙහි මිනිසුන් අතරෙහි මහත් බවද සමෘද්ධියද තා කෙරෙන් ලබනලද්දෝ වීමු. මෙහිලා සැකයෙක් නැත.
1429. ගින්නෙහි බහාලු බීජයද යම්සේ දවාද, නොහටගණීද එපරිද්දෙන් අසත්පුරුෂයා කෙරෙහි කළ උපකාරය නස්නේය. නොකැඩෙන්නේය.
1430. සිල්වත්වූ ආර්යයන්ට බඳු පැවතුම් ඇති කෘතඥවූ ඒ පුරුෂයා කෙරෙහි කළ උපකාරය මනා කෙතෙහි බහාලු බිජුවට මෙන් නොනස්නේයි.
1431. අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමකවූ වඤ්චනිකවූ මේ ශාඛයා අඩයටි වලින් නසත්වා. මොහුගේ ජීවිතය නොකැමැත්තෙමි.
1432. මහරජ, අසත්පුරුෂවූ මොහුට ක්ෂමා කෙරේවා. මළහුගේ ප්රාණයෝ නැවත ගෙන්විය නොහැකි වෙත්. දෙවයෙනි, ක්ෂමා කරව. මොහුගේ වධය මම නොකැමැත්තෙමි.
1433. න්යග්රොධයාම සෙවනය කරන්නේය. ශාඛයා වෙත නොමියන්නේය. ඉදින් ශාඛයා කෙරෙහි යම් ජීවත්වීමක් වේද, එයට වඩා නිග්රෝධයා කෙරෙහි මියයාම උතුම්වේ.
7. නිග්රොධජාතකං.
1434. පියාණෙනි, කුකුළලද නැත. වැල් අලද නැත. සිරි අලද නැත. තල් අලද නැත. එතකුදු වුවත් හුදකළාවූයේ වනයෙහි සොහොන් මැද වලක් කණන්නෙහිය. පියාණෙනි, කුමක් කැමැත්තෙහිද,
1435. පුත්රය, තාගේ මුත්තනු තෙම නොයෙක් ලෙඩ වලින්වූ දුකින් පහරණ ලද්දේ ඉතා දුර්වලය. අද මම ඔහු වලෙහි ලන්නෙමු. ඔහුගේ ඒ ජීවිතය නොකැමැත්තෙමි.
1436. මේ අදහස පාපකාරීය. එහෙයින් යහපත ඉක්මවා සිටියාවූ දරුණුවූ කර්මයක් කරන්නෙහිය. පියාණෙනි, ජරාවට පැමිණියාවූ නුඹද මා විසින් මෙබඳුවූ කර්මයක් ලබන්නෙහිය. ඒ කුලයෙහි ආ පැවතීම බල පවත්නේ මමද නුඹ වලෙහි බහා ලන්නෙමි.
1437. කුමාරය, තෝ පරුෂ වචනවලින් නින්දා කරමින් මා ගටා බණන්නෙහිය. පුත්රය, තෝ මාගේ ලෙහි උපන්නාවූ පුත්රවූයේම මට අහිතානුකම්පා ඇත්තෙක් වෙහිය.
1438. පියාණෙනි, මම නුඹට අහිතානුකම්පා ඇත්තේ නොවෙමි. පියාණෙනි, මමද නුඹට ජාතානුකම්පා ඇත්තේ වෙමි. එහෙයින් පාප කර්මය කරන්නාවූ තා එයින් වළක්වන්ට සුදුස්සෙමි.
1439. සවිට්ඨය, පාප ස්වභාව ඇත්තාවූ යමෙක් තෙම නිරපරාධවූ මවට හෝ පියාට හෝ හිංසා කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව නරකයට පැමිණේ.
1440. සවිට්ඨය, යමෙක් තෙම මවට හෝ පියාට හෝ ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව සුගතියට පැමිණේ.
1441. පුත්රය, තෝ මට අහිතානුකම්පා ඇත්තේ නොවෙහි පුත්රය, තෝ මට හිතානුකම්පා ඇත්තෙහිය, මමද තාගේ මව විසින් කියන ලද්දේ මෙබඳුවූ දරුණු කර්මය කෙරෙමි.