1401. බමුණ, යමෙක්තෙම තොපගේ මහත්වූ ඇස් ඇති මඳ සිනාවෙන් යුක්තව බණන්නාවූ ප්‍රියාව බලාත්කාරයෙන් හැරගෙන යන්නේනම් කුමක් කරන්නෙහිද,
1402. මෑ ගෙණයන්නවුන් කෙරෙහි කෝපයෙන් උපන්නේ නම් හෙතෙම නොමුදන්නේය. ජීවත්වන්නාවූ මාගේ ඒ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත් වර්ෂාවක් මෙන් වහාම එය වළක්වන්නෙමි.
1403. හේ නුඹ පෙර යමක් කල්පනා කෙළෙහිද, අද බලය ප්‍රකාශ කළාහු මෙන් නිශ්ශබ්දවූයේ දැන් සඟල සිවුර මසමින් හිඳිනෙහි (මේ කිමෙක්ද?)
1404. මාගේ ක්‍රෝධය උපන් නමුත් අනුන්ට හැඟෙන පරිද්දෙන් පහළ නුවූයේය. ජීවත්වන්නාවූ මාගේ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් වහාම වැළැක්වූයේ වෙමි.
1405. තාගේ සිත්හි කුමක් උපන්නේද, තාගේ කුමක් නොමිදුනේද හෙවත් ප්‍රකාශ නොවීද, ජීවත්වන්නාවූ තොපගේ කුමක් නොමිදිනීද, ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් කවරක්හු නුඹ වැළැක්වීද,
1406. යමක් උපන් කල්හි (ප්‍රයෝජනය) නොදකීද, නූපන් කල්හි මැනවින් දකීද, දුෂ්ප්‍රඥයන්ට ගොචරවූ ඒ කෝපය මට උපන්නේය, (එහෙත්) නොමිදුනේය.
1407. උපන්නාවූ යමක් කරණකොටගෙණ දුක සොයන්නාවූ සතුරෝ සතුටු වෙද්ද, එබඳුවූ අඥානයන්ට ගොචරවූ ක්‍රෝධයතෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.
1408. යමක්හු වනාහි උපදනා කල්හි ස්වාර්ථය නොදනීද, අඥානයන්ට ගොචරවූ ඒ ක්‍රෝධය තෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.
1409. මහරජ, යම් ක්‍රෝධයකින් මඩනාලද්දේ දශ කුශලයන් දුරුකෙරේද, මහත්වූද අර්ථය බැහැර කෙරේද, භයානකවූ ක්ලෙශ සංඛ්‍යාත සේනා ඇති බලවත්වූ ඒ ක්‍රෝධය තෙම උදාර සත්වයන් පවා මඩින්නේය. හෙතෙම මා කෙරෙන් නොමිදුණීමය.
1410. දරදණ්ඩ ගටන කල්හි ගින්න වනාහි උපදනේය. ඒ ගින්න යමකින් උපදීද, ඒ දර දණ්ඩම හළු කෙරේ.
1411. එපරිද්දෙන් මදවූ නුවණ ඇති බාල භාවයෙන් යුක්තවූ කිසිවක් නොදන්නාවූ පුරුෂයාගේ උත්තර ප්‍රත්‍යුත්තර නම් එකට එක කීමෙන් ක්‍රෝධය තෙම හටගනියි. හෙතෙමේද ඒ ක්‍රෝධයෙන්ම දවනු ලැබේ.
1412. තණ කොළෙහිද දරෙහිද ගින්න මෙන් ක්‍රෝධය තෙම යමෙකුට වැඬේද, ඔහුගේ යසස කරුවල පක්ෂයෙහි චන්ද්‍රයාමෙන් පිරිහෙන්නේය.
1413. යමෙකුගේ ක්‍රෝධය තෙම දර නැත්තාවූ ගින්න මෙන් සංසිඳේද, ඔහුගේ යසස පුර පක්ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය.
5. චුල්ලබොධිජාතකං.
1414. පහන්වූ සිත් ඇති පින් කැමතිවූ මම සත් දවසක් බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුනෙම්ද, නැවත අන්‍යවූ මාගේ යම් මේ හැසිරීමක් ඇද්ද, මම යම් අධිකවූ පනස් අවුරුද්දක් ප්‍රව්‍රජ්‍යාව නොකැමැත්තේම යම් තපසක් කෙරෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂ නසන ලද්දේ වේවා. යඤ්ඤදත්ත කුමාරතෙම ජීවත්වේවා.
1415. කිසිකලෙක්හි මම යම්හෙයකින් දානයට සතුටු නොවීමද, ලැගුමට ආකල්හි ආගන්තුකයාද දැක සතුටු නොවීමද, බහුශ්‍රැතවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාගේ අප්‍රිය බව දැන නොගත්තාහුද, මම වනාහි නොකැමැත්තේම දෙන්නෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤදත්ත තෙම ජීවත් වේවා.
1416. පුත්‍රය, මහත්වූ තේජස් ඇති යම් සත්වයෙක් තෙම තුඹසින් උඩට නැගී තා දෂ්ට කෙළේද, ඒ සර්පයා කෙරෙහිද තාගේ පියා කෙරෙහිද අද අප්‍රිය බැවින් මට කිසි විශේෂයෙක් නැත. මේ සත්‍යයෙන් සුවයෙක් වේවා, විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤ දත්ත තෙමේ ජීවත්වේවා.
1417. කෘෂ්ණයා හැර සෙසු ශාන්තවූද, තත්වූම ප්‍රව්‍රජ්‍යා නොකැමැති නොවන්නාහු පැවිදිවන්නාහුයි දීපායනයෙනි, කුමකට පිළිකුල් කරමින් නොකැමැත්තේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහිද,