115. “සැරසුනාවූ මට කොඩොල් ඇති මල් දරන්නාවූ රන්වන් සඳුන් ගැල්වූ තෝ මේ වනමැද කුමකට දුක්වූයේ හිස අත්බැඳගෙණ හඬන්නෙහිද?
116. “ස්වර්ණමයවූ බබළන්නාවූ රියකූඩුවක් මට ලැබුනේය. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් ජීවිතය හරිමි.
117. “ස්වර්ණමයවූ, මාණික්‍යමයවූ, ලෝභමයවූ නැවත රජතමයවූ රථයක් තට කරන්නෙමි. කියව, ඒ චක්‍ර යුග්මය තට ලබාදෙමි.
118. “ඒ මානවකතෙම ඔහුට මෙසේ කීය. මාගේ රථය තෙම ස්වර්ණමය විය. මෙහිලා බබළන්නාවූ සඳහිරු දෙදෙන වෙත්. ඒ චක්‍ර යුග්මයෙන් මාගේ රථය සොභමානවේ.
119. “මානවකය, තෝ වනාහි අඥානයෙහිය යම්බඳු තෝ නොපැතිය යුත්තක් පතන්නෙහිද, එහෙයිනි තෝ මිය යන්නෙහියයි සිතමි. තෝ සඳහිරු දෙදෙන නොලබන්නෙහිය.
120. “ගමනාගමනයද වර්ණධාතුවද මේ අහසෙහි උභය වීථිහුද දක්නා ලැබේ. පරලොව ගිය තැනැත්තේ වනාහි නොම දක්නා ලැබේ. හඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් කවරෙක් වනාහි අතිශයින් අඥානවේද?
121. “මානවකය, සැබවක්ම කීයෙහිය. හඬන්නාවූ අප දෙදෙනාගෙන් මමම ඉතා අඥානවෙමි. චන්ද්‍රයා ඉල්වා අඬන්නාවූ ළදරුවෙකු මෙන් කළුරිය කළ පරලොව ගියහු ප්‍රාර්ථනා කරමි. එහෙයින් සැබවක්ම කීයෙහිය.
122. “ගිතෙල් ඉසින ලද්දාවූ ගින්නක් මෙන් ශොකාග්නියෙන් ඇවිල ගත්තාවූ මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින ලද්දක් මෙන් සියලු පීඩා නිවූයේය.
123. “ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය යමෙක් දුරු කෙළේද, හෙතෙම මාගේ හෘදයෙහි පැවැත්තාවු යම් ශොක නොමැති හුලක් වීද, ඒ හුල ඒකාන්තයෙන් උදුරා දැමීය.
124. උදුරා දැමූ ශෝක හුල් ඇති මම පහව ගිය ශෝක ඇත්තෙම් නොකැලඹුනේ වෙමි. මාණවකය, ඔබගේ බස් අසා නොම වෙහෙසෙමි. නොම හඬමි.
මට්ඨකුණ්ඩලීජාතකං එකාදසමං.
125. “නොපිසන්නාවූද සත්පුරුෂයෝ භෝජනය ලැබ දෙනු කැමතිවෙත්. තෝ වනාහි කිමෙක්ද, පිසන්නේ යම් හෙයකින් නොදෙන්නේ නම් එය සුදුසු නොවේ.
126. “මසුරුකමින්ද ප්‍රමාදයෙන්ද මෙසේ දානය නොදෙනු ලැබේ. පින කැමතිවන්නාවූ නුවණැත්තහු විසින් දිය යුතුවේ.
127. “යමකට බියපත්වූ මසුරු පුද්ගලයා නොදේද, නොදෙන්නාහුට ඒ භයම වන්නේය. මසුරු තැනැත්තේ සාදුකද පිපාසාවද යන යමකට බියවේද, එයම අඥානයා මෙලෙව්හිද පරලෙව්හිද ස්පර්ශ කෙරේ.
128. “එහෙයින් මසුරු මළ මැඩපවත්වන්නේ මසුරු බව දුරුකොට දානය දෙන්නේය. කරණලද පින් පරලෙව්හි ප්‍රාණීන්ට පිහිට වෙත්.
129. “දීමට දුෂ්කරවූ දානය දෙන්නවුන්ගේ දුෂ්කරවූ කර්මය කරන්නවුන්ගේ ප්‍රතිපත්තියට අසත් පුරුෂයෝ අනුව කටයුතු කරන්නෝ නොවෙති. එසේමැයි සත්පුරුෂයන්ගේ ධර්මය තෙම අනුව පවත්නට නොපිළිවනි.
130. “එහෙයින් සත්පුරුෂයන්ගේද, පරලොව ගතිය මෙයින් වෙනස්වේ. එසේමැයි. අසත්පුරුෂයෝ නරකයට යෙති. සත්පුරුෂයෝ දෙව්ලොවට යන්නාහ.
131. “සමහරු මද වස්තුවක් ඇතිකල්හිද දන්දෙත්. සමහර කෙනෙක් ඇත්තාවූ බොහෝ වස්තුවෙන්ද නොදෙන්නාහ. මදකිනුදු දෙන ලද දක්ෂිණාතොමෝ දහසක් පමණ දීම හා ප්‍රමාණ කරණලද්දී සමවේ.
132. “යමෙක් වනාහි අඹුදරුවන්ද රකිමින් ස්වල්පවූ දෙය්‍ය ධර්මය දෙමින් සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේවී නම් පිඬු සිඟා යාමද හැසිරෙන්නේ නම් දහසක් යාග ඇත්තාවූ ලක්ෂයක් ඇති නමුත් ඒ යාගයෝ එබඳු දැහැමින් සොයා දන් දෙන්නාවූ දුගියාගේ දානයෙහි සොළොස්වැනි කොටසද නොඅගිත්.
133. “මහත්වූ මහත් වටිනාකම ඇත්තාවූ මේ දාන සංඛ්‍යාත යාගයතෙම දැහැමින් සෙමෙන් දුන් දානයට වඩා කවරහෙයින් අගනා බවට නොයේද, දහසක් යාග ඇත්තාවූ ඒ ලක්ෂයක් දෙන එබඳු වූවහුගේ කොටසකට කෙසේ නොඅගනාහුද,
134. “විෂමවූ කාය කර්මාදියෙහි පිහිටියාවූ සමහර කෙනෙක් අනුන්ට පීඩාකොට අනුන් නසා තවද අනුන් ශොක කරවා දෙන්නාහුද, කඳුළු මුහුණු ඇති දඬුවම් සහිතවූ ඒ දක්ෂිණාතොමෝ දැහැමින් සෙමෙන් දුන් පුද්ගලයාගේ සමබවට නොපැමිණේ. මෙසේ දහස් ගණන් යාග ඇත්තාවූ ලක්ෂයක් ඒ පුරුෂයෝ එබඳුවූ තැනැත්තාගේ සොළොස් වෙනි කලාවටද නො අගිත්.”
බිලාරකොසියජාතකං ද්වාදසමං.