47. “අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුව එලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? (ලුනු ලා) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් මානවකයා මෙනියි” කීයේය.
7. වාරුණී ජාතකය
48. “යමෙක් අනුපායයෙන් අභිවෘද්ධිය කැමති වේද, හෙතෙම වැනසේ. චේතිය නම් රටවැසි චෞරයෝ (වෛදර්භ නම් මන්ත්‍රය නිසා) වේදබ්භ නම්වූ බ්‍රාහ්මණයා නැසූහ. ඒ සියල්ලෝද වයසනයට පැමිණියාහුයි.”
8. වෙදබ්භ ජාතකය.
49. “නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?” (සිද්ධ නොකෙරෙති යනු භාවයි.)
9. නක්ඛත්ත ජාතකය.
50. “දුෂ්ප්‍රාඥවූ මිනිසුන් දහසකින් යාගය තෙමේ මා විසින් ආරාධනා කරණ ලදී. දැන් වනාහි මම යාග කරන්නෙමි. කුමක් හෙයින්ද? (ප්‍රාණඝාතාදියෙහි යෙදුනාවූ) අධාර්මිකවූ ජනතෙමේ බොහෝ වෙයි.” (එහෙයින් ඔවුන් ගෙණ යාග කරමියි සේයි.)
10. දුම්මෙධ ජාතකය.
පස්වැනි අත්ථකාම වර්ගයයි.
පළමු පන්ණාසකයයි.
එහි උද්දානය:
අත්ථකාම (ලෝසක), කපෝත, වෙළුක, එළමූග (මකස), රෝහිණී, කපි (ආරාමදූසක), වාරුණී, චේත (වේදබ්භ), තාරක (නක්ඛත්ත), යඤ්ඤ (දුම්මේධ) යන දසයයි.
6. ආසිංස වර්ගය
51. “පුරුෂතෙමේ පටන් ගත් කටයුත්ත නිමවීම කැමති වන්නේමැයි. පණ්ඩිත තෙමේ ‘මෙහි නිමාවට නොගිය හැක්කෙමි’යි නොකළකිරෙන්නේය. මම වනාහි තමා දකිමි. යම්සේ කැමතිවීම්ද එසේම වීයයි” කීයේය.
1. මහා සීලව ජාතකය.
52. “පුරුෂතෙමේ ව්‍යායාම් කෙරේමය. ප්‍රාඥ පුරුෂ තෙමේ ‘මෙය කළ හැකිදැ’යි නොකළකිරෙන්නේය. දියෙන් ගොඩට නැංගාවූ මම, තමා බලමියි” කීයේය.
2. චූල ජනක ජාතකය.
53. “සුරාභාජනයෝ මා යන කල මෙන්ම පිරුණාහ. යම් මේ සුරා පිළිබඳ කථාවක් පවතීද, ඕතොමෝ අනිකක්මය. ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නොවන්නීයයි” කීයේය.
3. පුණ්ණපාති ජාතකය.
54. “මේ වෘක්ෂය තෙමේ නැගීමට දුෂ්කර නොවේ. ගමින් දුරුවූයේද නොවේ. මේ ගස යහපත් ගෙඩි ඇත්තේ නොවෙයි කියා මේ ආකාරයෙන් දනිමියි” කීයේය.
4. ඵල ජාතකය.
55. “යොගක්ෂෙම නම්වූ නිර්වාණ සම්පත්තියට පැමිණීම පිණිස උදාරවූ අදස් ඇති යම් මනුෂ්‍යයෙක් නොපසුබස්නාවූ සිතින් කුශල ධර්මයන් වඩාද, හෙතෙමේ පිළිවෙලින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයවීම ඇත්තාවූ අර්හත් ඵලයට පැමිණෙන්නේයයි” කීයේය.
5. පඤ්චායුධ ජාතකය.
56. “යොගක්ෂෙම නම්වූ නිර්වාණයට පැමිණෙනු පිණිස දුරුකළාවූ නීවරණයන් ඇති සිතින් එසේම පහවූ නීවරණයන් ඇති හෙයින් නිර්මලවූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් නිරාමිසාර්ථයෙන් කුසල නම්වූ බොධිපාක්ෂික ධර්මය වඩාද, හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ නැසීමට පිළිවෙලින් පැමිණෙන්නේයයි” කීයේය.
6. කඤ්චනක්ඛන්ධ ජාතකය.