42. “අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යමෙක් තෙම නොකෙරේද, හෙතෙම කපෝතකයාගේ වචනය නොකොට අමිත්රවූ අරක්කැමියාගේ අතට අසුවූ කාකයා මෙන් ව්යසනයට පැමිණ හෝනේයයි” කීයේය.
2. කපෝත ජාතකය.
43. “අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යම් පුරුෂයෙක් නොකෙරේද, හෙතෙම වේළුක නම් සර්පයාගේ පියතෙම යම්සේද, එපරිද්දෙන් නෂ්ටවූයේ සයනය කෙරේයයි” කීයේය.
3. වේළුක ජාතකය.
44. “ප්රඥාවෙන් යුක්තවූ සතුරුතෙම උතුම්වේ. ප්රඥාවෙන් තොරවූ මිත්රතෙම නොම උතුමි. කුමක් හෙයින්ද යත්? මෝඩවූ පුත්රතෙම මදුරුවා මරන්නෙමියි පියාගේ හිස පැළීය. එහෙයිනි.”
4. මකස ජාතකය.
45. “අනුකම්පා ඇත්තාවූ යම්බඳු බාලයෙක් ඇද්ද, ඔහුට වඩා නුවණැත්තාවූ සතුරුතෙමේ උතුම් වන්නේය. බාලවූ රෝහිණී නම් අඥාන තැනැත්තිය බලව” (මැස්සන් මරමියි) මව මොහොල්පහරින් මරා ශොක කරන්නීමැයි
5. රෝහිණී ජාතකය.
46. “අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුවඑලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? ආරාමයෙහිවූ වඳුරා මෙනියි” කීයේය.
6. ආරාම දූෂක ජාතකය.
47. “අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුව එලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? (ලුනු ලා) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් මානවකයා මෙනියි” කීයේය.
7. වාරුණී ජාතකය
48. “යමෙක් අනුපායයෙන් අභිවෘද්ධිය කැමති වේද, හෙතෙම වැනසේ. චේතිය නම් රටවැසි චෞරයෝ (වෛදර්භ නම් මන්ත්රය නිසා) වේදබ්භ නම්වූ බ්රාහ්මණයා නැසූහ. ඒ සියල්ලෝද වයසනයට පැමිණියාහුයි.”
8. වෙදබ්භ ජාතකය.
49. “නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?” (සිද්ධ නොකෙරෙති යනු භාවයි.)
9. නක්ඛත්ත ජාතකය.
50. “දුෂ්ප්රාඥවූ මිනිසුන් දහසකින් යාගය තෙමේ මා විසින් ආරාධනා කරණ ලදී. දැන් වනාහි මම යාග කරන්නෙමි. කුමක් හෙයින්ද? (ප්රාණඝාතාදියෙහි යෙදුනාවූ) අධාර්මිකවූ ජනතෙමේ බොහෝ වෙයි.” (එහෙයින් ඔවුන් ගෙණ යාග කරමියි සේයි.)
10. දුම්මෙධ ජාතකය.
පස්වැනි අත්ථකාම වර්ගයයි.
පළමු පන්ණාසකයයි.
එහි උද්දානය:
අත්ථකාම (ලෝසක), කපෝත, වෙළුක, එළමූග (මකස), රෝහිණී, කපි (ආරාමදූසක), වාරුණී, චේත (වේදබ්භ), තාරක (නක්ඛත්ත), යඤ්ඤ (දුම්මේධ) යන දසයයි.