37. “වැඩිහිටියන් පිදීමෙහි දක්ෂවූ යමෙක් තුමූ ගුණයෙන් වයසින් වැඩීහිටියන්ට පූජාකෙරෙද්ද ඔව්හු මේ ආත්මභාවයේ හිම පැසසිය යුත්තාහ.පරලෙව්හිද සුගතිය වන්නේයයි” කීයේය.
37. තිත්තිර ජාතකය
38. “කපටි නුවණැත්තේ තමාගේම කපටිකමින් ඒකාන්තයෙන් සුවය නොවඩන්නේය. (හෙවත්) කිසි සුවයෙක්හි නොපිහිටයි. කෛරාටික නුවණින් යුත් පුරුෂතෙම තමාට භය පමුණුවන්නේය. කෙසේදයත්? කකුළුවා කෙරෙන් ගෙළ සිඳුම්ලත් කොකා මෙනැයි” කීයේය.
38. බකජාතකය
39. “කුලජාත දාසියගේ පුත්වූ නන්දක නම්වූ දාසතෙම යම් තැනෙක්හි සිටියේ මහත්වූ පරුෂ වචන කියා බෙණේද? ස්වර්ණ රජත ආදී රත්න සමූහයද ස්වර්ණ මාලාද මෙතැන්හියයි හඟිමියි” කීයේය.
39. නන්ද ජාතකය
40. “උඩුකුරුවූ පා ඇත්තෙම් යටිකුරුවූ හිස් ඇත්තෙම් ඒකාන්තයෙන් නරකයෙහි (හෙවත්) මේ අඟුරු වළෙහි පතිතවෙමි. එතකුදු වුවත් ආර්යයන් විසින් නොකරණ ලද නොදීම නොකරන්නෙමි. එබැවින් මේ පිණ්ඩය (හෙවත්) බත පිළිගනු මැනවැයි” කීයේය.
40. ඛදිරංගාර ජාතකය
කුලාවක වර්ගය සිව්වැනියි.
එහි උද්දානය:
කුලාවක, නච්ච, සම්මොදමාන, මච්ඡ, වට්ටක, සකුණ, තිත්තිර, බක, නන්ද, ඛදිරංගාර යන ජාතක දසයයි.
5. අත්තකාම වර්ගය
41. “අභිවෘද්ධි කැමැත්තාවූ හිතයෙන් අනුකම්පා කරන්නහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යමෙක් තෙම නොකෙරේද? හෙතෙම එළුදෙනගේ පය එල්බගෙණ (ශොකකළාවූ) මිත්ත වින්දකයා මෙන් ශොක කරන්නේයයි” කීයේය.
1. ලෝසක ජාතකය.
42. “අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යමෙක් තෙම නොකෙරේද, හෙතෙම කපෝතකයාගේ වචනය නොකොට අමිත්‍රවූ අරක්කැමියාගේ අතට අසුවූ කාකයා මෙන් ව්‍යසනයට පැමිණ හෝනේයයි” කීයේය.
2. කපෝත ජාතකය.
43. “අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යම් පුරුෂයෙක් නොකෙරේද, හෙතෙම වේළුක නම් සර්පයාගේ පියතෙම යම්සේද, එපරිද්දෙන් නෂ්ටවූයේ සයනය කෙරේයයි” කීයේය.
3. වේළුක ජාතකය.
44. “ප්‍රඥාවෙන් යුක්තවූ සතුරුතෙම උතුම්වේ. ප්‍රඥාවෙන් තොරවූ මිත්‍රතෙම නොම උතුමි. කුමක් හෙයින්ද යත්? මෝඩවූ පුත්‍රතෙම මදුරුවා මරන්නෙමියි පියාගේ හිස පැළීය. එහෙයිනි.”
4. මකස ජාතකය.
45. “අනුකම්පා ඇත්තාවූ යම්බඳු බාලයෙක් ඇද්ද, ඔහුට වඩා නුවණැත්තාවූ සතුරුතෙමේ උතුම් වන්නේය. බාලවූ රෝහිණී නම් අඥාන තැනැත්තිය බලව” (මැස්සන් මරමියි) මව මොහොල්පහරින් මරා ශොක කරන්නීමැයි
5. රෝහිණී ජාතකය.
46. “අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුවඑලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? ආරාමයෙහිවූ වඳුරා මෙනියි” කීයේය.
6. ආරාම දූෂක ජාතකය.