14. “ආවාසයෙහිද මිත්‍ර සන්ථවයෙහිද ඇල්ම ලාමකය. ඒ දෙකට වඩා රසයෙහි ඇල්ම ලාමකවේ. ඊට වඩා අධිකවූ ඇල්මක් නොම ඇත්තේය. ඒ එසේමැයි. වන ලැහැබ ඇසුරුකළාවූ වාත මෘගයා සඤ්ජය නම් උද්‍යානපාල තෙම රසයන්ගෙන් තමා වසඟයට පැමිණවීයයි.”
14. වාතමෘග ජාතකය
15. “ඛාරාදිය නම් තැනත්තිය කුර අටක් ඇත්තාවූ මුලින් වක්වූ අගින් ඉතා වක්වූ අං ඇති අවවාද ඉගෙණීම් හතෙන් ඉක්මුනු ඒ මෘගයාට අවවාද කරන්ට උත්සාහ නොකරන්නෙමියි” කීයේය.
15. ඛරාදිය ජාතකය
16. “දෙඇළයෙන් හා ඍජුවදැයි තුන් ආකාරයකින් සයනය කරන්නාවූ බොහෝ මායාවන් දත් කුර අටක් ඇති මධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නාවූ මාගේ බෑණනුවූ මෘගයාට මනාකොට ඉගැන්වීමි. ඒ කෙසේදයත් යටවූ එක් නාස් පුඬුවකින් පොළොවට ආශ්වාස කරන්නේ ඉගෙණීම් සයකින් මාගේ බෑණනුතෙම වැද්දා මැඩ පවත්වයි (නොහොත්) පින්වතිය මාගේ බෑණනු තෙම කලා සයකින් වැද්දා රවටායයි” කීයේය.
16. තිපල්ලත්ථ මිග ජාතකය
17. “කරුවල පක්ෂයෙහිද (නොහොත්) පුර පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙහි යම් කලෙක් හී වාතය හමාද, එකල්හි ශීතවේ කුමක් හෙයින්දයත්, යම්හෙයකින් ශීතයෝ වාතයෙන් හටගත්තාවූ වෙද්ද, එහෙයින් මෙහිලා සිංහ ව්‍යාඝ්‍ර යන තෙපි දෙදෙනම නොපැරදුනාහුයි.”
17. මාලුත ජාතකය
18. “මේ ඒ ඒ තැන්හි උත්පත්තියද, වැඩීමද, දුකයයි ඉදින් මෙසේ සත්වයෝ දන්නාහු නම් පණ ඇති සතෙක් පණ ඇති සතක්හු නොනසන්නේය. කුමක් හෙයින්දයත්, යම්හෙයකින් ප්‍රාණඝාතකරන්නේ නරකාදියෙහි ශොක කරන්නේද, එහෙයිනැයි” වදාළහ.
18. මතක භත්ත ජාතකය
19. “ඉදින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව දුකෙන් මිදෙව, ප්‍රාණඝාත ආදී දුශ්චරිතකොට දැන් මිදෙන්නෙහිද, මතු පාප කර්මයෙන් බැඳෙන්නෙහිය. නුවණැත්තෝ මෙපරිද්දෙන් නොමිදෙත්, අඥානයාගේ ප්‍රාණඝාතකොට මෙලොව මිදීම බැඳීමයයි’ වදාළේය.
19. ආයාචිත භත්ත ජාතකය
20. “ගොඩට නැංගාවූ පියවර නොදැක දියට බැස්සාවූ පියවරද දැක බට නළයකින් ජලය පානය කරන්නෙමු. තෝ මා නොම වධකරන්නෙහි යයි” කීයේය.
20. නළපාන ජාතකය
සීල වර්ගය දෙවැනියි.
එහි උද්දානය:
ලක්ෂණමිග, නිග්‍රෝධමිග, කණ්ඩින, වාතමිග, ඛරාදිය, තිපල්ලත්ථමිග, මාලුත, මතකභත්ත, ආයාචිතභත්ත, නළපාන යන ජාතක දසයයි.