144. “අසත්පුරුෂවූ වහ්නි දෙවතාවෙනි, යම් බඳුවූ තා වාලධියෙන් පුදමු. මෙපමණකුදු බොහෝයයි සිතව මාංශානුභවයට සුදුසුවූ තට අද මස් නැත. පින්වත් තෙමේ නගුටද පිළිගණීවා”යි කීයේය.
4. නංගුට්ඨ ජාතකය
145. “රාධය, තෝ අර්ධ රාත්‍රිය නොපැමිණි කල්හි (මෙතෙක් දෙන අඩුයයි) නොදන්නෙහිය අව්‍යක්තවූ විලාපයක් කියන්නෙහිය. බ්‍රාහ්මණයා කෙරෙහි බැමිණි නොඇළුණි වේයයි කීයේය.
5. රාධ ජාතකය
146. අපගේ වනාහි හකුදෙක ශාන්තයහ. මුඛයද වියලෙහි වීර්ය කරම්හයි දිය අදුම්හ. වීර්ය කොට කෙළවරකට නොයා හැක්කම්හ. සමුද්‍රය ඉඩ පමණින් පිරේම යැයි” කීයේය.
6. කාක ජාතකය
147. “කවුඩු තෙමේ මට අනියි යන යමක් ඇද්ද මේ දුක් නොවෙයි. සාමාව වනුක් මලින් රැඳූ වස්ත්‍රයෙන් යුක්තවී ඉල්මාසයෙහි වාරොත්සවය නොවිඳින්නේය යන යමක් ඇද්ද මේ දුක් වේයයි” කීයේය.
7. පුප්ඵරත ජාතකය
148. “මම නැවත, නැවතද හස්ති ශරීරයට ඇතුළු නොවන්නෙමි. ඒ එසේමැයි භයින් තැති ගත්තේවෙමියි” කීයේය.
8. සිගාල ජාතකය
149. “මේ ගස දෙ පැත්තෙහි එක එක පත්‍ර ඇත්තේය. භූමියෙන් සතරඟුලක් පමණ වැසියේත් නොවෙයි. හලාහල විෂයකට බඳු ඵලයෙන් යුක්තවූ මේ ගස මහත්ව වැඩියේ නම් කුමක් වන්නේදැයි” කීයේය.
9. එකපණ්ණ ජාතකය
150. “යමෙක් අසත්පුරුෂයාට උපකාර කෙරේද, අසත්පුරුෂයා සෙවනය හෝ කෙරේද, ඔහුම ආහාරය කරන්නේය. කුමක් මෙන්ද, යත්, ව්යාඝ්ර සඤ්ජීවක දෙදෙනා මෙනියි” කීයේය.
10. සඤ්ජීව ජාතකය
පසළොස්වන කකණ්ටක වර්ගය නිමි.
එහි උද්දානය:
සුඛමෙධති, දණ්ඩවර, ලසි, වාලධි, පස්වන රාධවර, සමභොදධි, කත්තික, ඛොන්දි, චතුරඞ්ගුල හා ව්යග්ඝවර යන මේ දසයයි.
උපරිම පණ්ණාසකයයි.
එකක නිපාතය නිමි.
එහි වර්ග උද්දානය:
අපණ්ණක, සීලවග්ග, කුරුඞ්ග, කුලාවක, පස්වන අත්ථකාම, ආසිංස, ඉත්ථි, වරුණ, අපායි, ලිත්තවග්ග, පරොසත, හංසි, සරික්ඛ, අසම්පදාන සහ කකණ්ටක වර්ගයයි.