136. “යමක් ලබන ලදද එයින් සතුටු විය යුතුයි. අධිකවූ ලෝභය වනාහි ලාමකවේ. හංසරාජයා ගෙණ ස්වර්ණයෙන් පිරිහුණේයයි කීයේය.
6. සුවණ්ණ හංස ජාතකය
137. “යම් තැනෙක්හි එක් බළලෙක් (මූෂිකාදි කිසි ගොදුරක්) ලබාද එතැන්හි දෙවෙනි බළලෙක් උපදී. තුන්වෙනි බළලෙක්ද, සතරවෙනි බළලෙක්ද, උපදී. තීගේ මේ පළිඟු බිලය බබ්බුකා බිල නම් වේ.
7. බබ්බුක ජාතකය
138. “මෝඩය, තට ජටායෙන් කවර ප්‍රයෝජනද? තට අඳුන් දිවි සමින් කවර ප්‍රයෝජනද? තාගේ හෘදය රාගාදියෙන් ගහනය. පිටත තපස් වෙස් දැරීමෙන් පිරිමදනෙහියයි” කීයේය.
8. ගොධ ජාතකය
139. “ඇස් දෙක බිඳුනහ. ගොඩ තිබූ වස්ත්‍රයද නැති විය. යෙහෙලිය හා ගෙහි අඹුවගේ කලහයවිය. දියෙහිද, ගොඩෙහිද යන දෙතන්හි අවුලට පැමිණි වැඩ ඇත්තේ වෙහියයි” කීයේය.
9. උභතොභට්ඨ ජාතකය
140. “නිරන්තරයෙන් බියපත්වූ සිත් ඇත්තාහ. සියලු ලෝකයා වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑයන්වූ ඒ කවුඩන්ගේ වුරුණු තෙල් නැත්තේ යයි” කීයේය.
10. කාක ජාතකය
දහහතරවන අසම්පදාන වර්ගය නිමි.
එහි උද්දානය:
ඉතරීතර, රක්ඛසි, ඛෙමිය, පරොසතපඤ්හ, ආහස්සර, හංසවරුත්තම, බබ්බු, ජට, පටනට්ඨක හා කාකවර යන දසයයි.
15. කකණ්ටක වර්ගය
141. “ලාමක ජනයා සේවනය කරන්නා එකාන්තයෙන් සැපය නොලබයි. කුමක් මෙන්ද යත්? ගොධා කුලයේ කටුස්සා මෙන් තමා විනාශයට පමුණුවා යයි” කීයේය.
1. ගොධ ජාතකය
142. “යම් හෙයකින් මළහු මෙන් හෝනෙහිද, තාගේ මේ කාරය දැනගත නොහැකිය. දඬු කෙළවර ගෙණ අදිනු ලබන්නාවූ යම් බඳුවූ තාගේ අතින් මුගුරු දණ්ඩ නොමිදේද, එහෙයිනැයි” කීයේය.
2. සිගාල ජාතකය
143. “තාගේ හිස් මුල්ද නික්මුණහ. මස්තකයද පළන ලදී. තාගේ සියලු පරාළ පතු හෙවත් ඉල ඇට බිඳුනහ. අද වනාහි තෝ බබළන්නෙහියයි” කීයේය.
3. විරොචන ජාතකය
144. “අසත්පුරුෂවූ වහ්නි දෙවතාවෙනි, යම් බඳුවූ තා වාලධියෙන් පුදමු. මෙපමණකුදු බොහෝයයි සිතව මාංශානුභවයට සුදුසුවූ තට අද මස් නැත. පින්වත් තෙමේ නගුටද පිළිගණීවා”යි කීයේය.
4. නංගුට්ඨ ජාතකය
145. “රාධය, තෝ අර්ධ රාත්‍රිය නොපැමිණි කල්හි (මෙතෙක් දෙන අඩුයයි) නොදන්නෙහිය අව්‍යක්තවූ විලාපයක් කියන්නෙහිය. බ්‍රාහ්මණයා කෙරෙහි බැමිණි නොඇළුණි වේයයි කීයේය.
5. රාධ ජාතකය
146. අපගේ වනාහි හකුදෙක ශාන්තයහ. මුඛයද වියලෙහි වීර්ය කරම්හයි දිය අදුම්හ. වීර්ය කොට කෙළවරකට නොයා හැක්කම්හ. සමුද්‍රය ඉඩ පමණින් පිරේම යැයි” කීයේය.
6. කාක ජාතකය