123. “අඥානතෙම සියලු තන්හි නොකියයුතු යුතු වචනය හැම තැන්හී කියයි. මෙතෙම මිදුනු කිරිද නොදන්නේය. නඟුලිසද නොදන්නේය. කුමක් හෙයින්ද යත්? මෙතෙම මිදුනු කිරිද නඟුලිස යයි සිතාද, එහෙයිනි.”
3. නංගලීස ජාතකය.
124. “නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමැයි නොකලකිරෙන්නේය. ව්‍යායාමයාගේ ප්‍රයෝජනය බලව, ඒ කවරේද යත්? මෙසේද මෙසේද වීයයි ශ්‍රැති වශයෙන් නොව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අඹ බොහෝ තපස්වීන් විසින් අනුභව කරණ ලදහයි කීයේය.”
4. අම්බ ජාතකය.
125. “ඒ පුරුෂතෙම තමාගේ තොරතුරු නොදන්නා අන් ජනපදයකට ගියේ බොහෝ කොටද පරිභව වචනාදීන් කියන්නේය. තම ස්වාමිතෙම නැවත අවුත් දූෂණය කරන්නේය. කටාහකය, සම්පත් අනුභව කරවයි” කීයේය.
5. කටාහක ජාතකය.
126. “එකෙකුට එසේම යහපත් වෙයි. එකෙකුට එසේම අයහපත් වෙයි. එහෙයින් සියල්ලම යහපත් නොවෙයි. සියල්ලම අයහපත් නොවේ යයි කීයේය. (සමහරුන්ට ඉෂ්ටදායකවූ කටයුත්ත සමහරුන්ට අනිෂ්ට දායකමය, යනුයි.”
6. අසිලක්ඛණ ජාතකය.
127. “ඒ දේශයෝය. ඔහු වස්තූහුය වනය ගොචරකොට ඇත්තාවූ මමද දනිමි. ස්වාමිහු තා දැනගෙණ හැරගන්නාහුය. කලණ්ඩුකය, කිරිබීම් කරවයි කීයේය.”
7. කලණ්ඩුක ජාතකය.
128. “යමෙක් ඒකාන්තයෙන් දශකුශල ධර්මයන් ද්වජයක් කොට ගෙණ සත්වයන් විශ්වාසකොට ගෙණ සැඟවුනේ පාපයෙහි හැසිරේද, ඔහුගේ ඒ ව්‍රතය බිළාල ව්‍රත නම් වේ.”
8. බිළාරවත ජාතකය.
129. “මේ මුදුන පිං පිණිස නොවෙයි. මේ මුදුන කෑම පිණිසවේ. ඇඟිලි ගණනට මූසික වර්ගයා නොපැමිණේ. අග්ගිකය, තාගේ මීයන් ගණන් කිරීම ප්‍රමාණයක් වේවායි” කීයේය.
9. අග්ගික ජාතකය.
130. “කෝසියාව, ලෙඩෙමි යන කීම පරිද්දෙන්ම ලෙඩට සුදුසු බෙහෙත් අනුභවකරව, තී අනුභව කළ ප්‍රණීත ආහාරවූ පරිද්දෙන්ම කියව, තීගේ කීමද වැඳීමද යන මේ දෙක සම නොවේයයි” කීයේය.
10. කෝසිය ජාතකය.
කුසනාළි වර්ගය දහතුන්වැනියි.
එහි උද්දානය:
කුසනාළි (සරික්ඛ), සිරිවහයන, යස, දධි, අම්බ, කටාහක පඤ්චමක, පාපක, ඛීර, බිළාරවත, සිඛි, කොසිය යැයි දසයෙකි.