115. “යමක්තොමෝ ලොල්වූ හැසුරුම් ඇත්තී අනුන්ට අනුශාසනා කරන්නීද, ඒ මේ ශාරීකාතොමෝ චක්‍රයෙන් නසන ලද්දී පහවූ පක්ෂ ඇත්තී මාර්ගයෙහි සයනය කෙරේයයි” කීයේය.
5. අනුශාසික ජාතකය.
116. “ආචාර්යය අධිකවූ ක්‍රියාවක් කෙළෙහිය නුඹගේ ශිෂ්‍යවූ මටද මේ කාරණය රුචි නොවේ. සතර වන ශස්ත්‍රය (හෙවත්) ආයුධය පැන පස්වන ආයුධයෙහි ඇවිණියේ වෙහියයි” කීයේය.
6. දුබ්බච ජාතකය.
117. ඉතා ශබ්දවූ බොහෝ බල ස්වභාව ඇත්තාවූ කල් ඉක්මවා කියනලද වචනය නුවණ නැත්තහු නසයි. කුමක් මෙන්ද යත්? පමණ ඉක්මවා හැඬූ වටුවා මෙනි. (යම්සේ වටුවා නිතර ශබ්දකිරීමෙන් විනාශයට ගියේද, එසේම දොඩමළු තැනැත්තේ විනාශයට පැමිණේ.”)
7. තිත්තිර ජාතකය.
118. “පුරුෂතෙම නොසිතන්නේ හෙවත් දුකට පැමිණ මේ උපායෙන් මේ දුකෙන් මිදෙමියි. කරුණු නොසළකන්නේ විශේෂයට නොපැමිණේ සිතන ලද කර්මයාගේ ප්‍රයෝජනය බලව, වධ බන්ධනයෙන් මිදුනේ වෙමියි” කීයේය.
8. වට්ටක ජාතකය.
119. “මව්පිය දෙදෙනා කෙරෙහි නොවැඩුනාවූ ඇදුරු කුලයෙහි නොවිසූ මේ කුකුළා හැඬීමට සුදුසු කාලය හෝ නුසුදුසු කාලය නොදනීයයි” කීයේය.
9. අකාලරාවී ජාතකය.
120. “යම් තැනෙක්හි අඥානයෝ කථා කෙරෙද්ද, එතැන්හි බන්ධනයට නුවණැත්තෝ කථා කෙරෙද්ද, එහි බන්ධනයට සුදුස්සෝද මිදෙත් යයි” කීයේය.
10. බන්ධනමොක්ඛ ජාතකය.
හංසි වර්ගය දොළොස්වැනියි.
එහි උද්දානය:
ගද්‍රභ, සත්තු, කංසසත ද, බහුචින්ති, සාසිකා, අතිකර, අතිවෙල, විසෙස, අනාචරිය, ධීරාපභාසර යැයි දසයෙකි.