106. “ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නාවූ මා තවන්නාවූ නොහොත් කැමති කැමතිදෑ පිසන්නාවූ සැළින් හෝ ලිඳෙන් පැන් ගන්නා කිනිස්සක් නොහොත් කුඩා භාජනයක් මෙන් අනුන්ගෙන් වස්තුව හැර ගන්නාසේ දන්නාවූ අඹුවය යන නමින් සෙර ස්ත්‍රියක් තෙල්ද, ලුණුද, යන කැමති කැමතිදෑ ඉල්වායයි” කීයේය.
6. උදඤ්චනී ජාතකය.
107. “යම් කෙබඳුවූද ශිල්පයක් ඉතා යහපත එළුබෙටි විදීමෙන් සතර දිග්හි වූ ගම් ලබන ලද්දාහුයයි” කීයේය.
7. සාලිත්තක ජාතකය.
108. “හික්මීමට සුදුසුවූ ශිල්පයන් ඉගෙණ ගන්නේය. ප්‍රයෝජන කිමදයත්, ඒ ඒ ශිල්පයෙහි කැමතිවූ ජනයෝ ඇත්තාහ. යම්හෙයකින් ජනපදයෙන් පිටත්හි උපන්නාවූ ස්ත්‍රිතොමෝ මනාකොට කළ මළපහකිරීමෙන් (හෙවත්) හිරිඔතප් ඇතුව විළියෙන් මුවාව කළ මළ පහකිරීමෙන් රජහු සතුටුකරවීද, එහෙයිනැයි” කීයේය.
8. බාහිය ජාතකය.
109. “පුරුෂතෙම යම්බඳු ආහාරයක් ඇත්තේවේද, ඔහුගේ දේවතාවාද එබඳු ආහාරයක් ඇත්තී වේ. මේ කුඩු කැවුම ගෙණෙව. මාගේ කොටස නොනසවයි” කීයේය.
9. කුණ්ඩපූව ජාතකය.
110. සියල්ල එකතුවූ සුවඳක් නැත. අමිශ්‍ර හෙයින් පිරිසුදුවූ පුවඟු මල්ද සුවඳ විහිදෙයි. මේ ධූර්ත තැනැත්තිය බොරු කියයි. මැහැල්ලී තොමෝ සැබවක් කීවායයි” කීයේය.
10. සබ්බසංහාරක ප්රශ්නය.
පරොසත වර්ගය එකොළොස්වැනියි.
එහි උද්දානය:
සපරොසත, තායිත, වෙරී, භමචක්ක, නාගසිරිව්හයවන, සුඛ, සිප්පක, බාහිය, කුණ්ඩපූව, මහල්ලිකා යැයි දසයෙකි.
12. හංස වර්ගය
111. “ඉදින් රාජොත්තමය, නුඹ පුතුට වඩා පියා උතුම් යයි මෙසේ හඟින්නෙහි නම් එබැවින් ඔබගේ අශ්ව තරයාට වඩා මේ ගද්‍රභයා උතුම් වේ. එයට කරුණු කිමයත්? අශ්වතරයාට වනාහි කොටළුතෙම පියා වේයයි” කීයේය.
1. ගද්‍රභ පඤ්හය.
112. “යම් තැනෙක්හි හත්සුණු බත් තබා විකුණන කාඩි තබා විකුණන කඩ පිළෙක් ඇත්ද, යම් තැනෙක්හි පිපුනාවූ කොබෝලීල ගසක් ඇද්ද, යම් අතකින් කම්ද, ඒ අත දිශාවෙන් මග කියමි. යම් අතකින් නොකම්ද, ඒ අත දිශාවෙන් නොකියමි. යව මැදුම්ගම පිහිටි අපගේ ගෙට මාර්ගය වේ. මේ සඟවා කී මාර්ගය හෙවත්, කාරණය දැන ගණුවයි” කීයේය.
2. අමරාදේවී පඤ්හය.
113. “බමුණ රා බොනලද සිවළාගේ වචනය අදහන්නෙහිද, ඔහුට බෙල්ලන් සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් දැයි” කීයේය.
3. සිඟාල ජාතකය.
114. “බහු චින්තී නම්වූ මත්ස්‍යයාද, අල්ප චින්තී නම් මත්ස්‍යයාද යන දෙදෙන දැළෙහි බැඳුනාහ. ප්‍රමාණවත් සිතිවිලි ඇති හෙයින් මිත චින්තී නම්වූ මත්ස්යතෙම දැළෙන් මිදීය. ඒ (බොහෝ සිතන) (ටිකක් සිතන) යන දෙදෙන ඒ ජලයෙහි මිත චින්තී නම් මත්ස්‍යයා හා එක්වූවාහුයයි කීයේය.
4. මිතචින්තී ජාතකය.
115. “යමක්තොමෝ ලොල්වූ හැසුරුම් ඇත්තී අනුන්ට අනුශාසනා කරන්නීද, ඒ මේ ශාරීකාතොමෝ චක්‍රයෙන් නසන ලද්දී පහවූ පක්ෂ ඇත්තී මාර්ගයෙහි සයනය කෙරේයයි” කීයේය.
5. අනුශාසික ජාතකය.