110. සියල්ල එකතුවූ සුවඳක් නැත. අමිශ්ර හෙයින් පිරිසුදුවූ පුවඟු මල්ද සුවඳ විහිදෙයි. මේ ධූර්ත තැනැත්තිය බොරු කියයි. මැහැල්ලී තොමෝ සැබවක් කීවායයි” කීයේය.
10. සබ්බසංහාරක ප්රශ්නය.
පරොසත වර්ගය එකොළොස්වැනියි.
එහි උද්දානය:
සපරොසත, තායිත, වෙරී, භමචක්ක, නාගසිරිව්හයවන, සුඛ, සිප්පක, බාහිය, කුණ්ඩපූව, මහල්ලිකා යැයි දසයෙකි.
12. හංස වර්ගය
111. “ඉදින් රාජොත්තමය, නුඹ පුතුට වඩා පියා උතුම් යයි මෙසේ හඟින්නෙහි නම් එබැවින් ඔබගේ අශ්ව තරයාට වඩා මේ ගද්රභයා උතුම් වේ. එයට කරුණු කිමයත්? අශ්වතරයාට වනාහි කොටළුතෙම පියා වේයයි” කීයේය.
1. ගද්රභ පඤ්හය.
112. “යම් තැනෙක්හි හත්සුණු බත් තබා විකුණන කාඩි තබා විකුණන කඩ පිළෙක් ඇත්ද, යම් තැනෙක්හි පිපුනාවූ කොබෝලීල ගසක් ඇද්ද, යම් අතකින් කම්ද, ඒ අත දිශාවෙන් මග කියමි. යම් අතකින් නොකම්ද, ඒ අත දිශාවෙන් නොකියමි. යව මැදුම්ගම පිහිටි අපගේ ගෙට මාර්ගය වේ. මේ සඟවා කී මාර්ගය හෙවත්, කාරණය දැන ගණුවයි” කීයේය.
2. අමරාදේවී පඤ්හය.
113. “බමුණ රා බොනලද සිවළාගේ වචනය අදහන්නෙහිද, ඔහුට බෙල්ලන් සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් දැයි” කීයේය.
3. සිඟාල ජාතකය.
114. “බහු චින්තී නම්වූ මත්ස්යයාද, අල්ප චින්තී නම් මත්ස්යයාද යන දෙදෙන දැළෙහි බැඳුනාහ. ප්රමාණවත් සිතිවිලි ඇති හෙයින් මිත චින්තී නම්වූ මත්ස්යතෙම දැළෙන් මිදීය. ඒ (බොහෝ සිතන) (ටිකක් සිතන) යන දෙදෙන ඒ ජලයෙහි මිත චින්තී නම් මත්ස්යයා හා එක්වූවාහුයයි කීයේය.
4. මිතචින්තී ජාතකය.
115. “යමක්තොමෝ ලොල්වූ හැසුරුම් ඇත්තී අනුන්ට අනුශාසනා කරන්නීද, ඒ මේ ශාරීකාතොමෝ චක්රයෙන් නසන ලද්දී පහවූ පක්ෂ ඇත්තී මාර්ගයෙහි සයනය කෙරේයයි” කීයේය.
5. අනුශාසික ජාතකය.