101. “රැස්වූවන් අතුරෙහි සියයකට අධිකවූද, ප්‍රඥා රහිතවූ ඔව්හු අවුරුදු සියයක් සිතා බලන්නාහු නමුදු යමෙක් කියනලද වචනයාගේ අර්ථය දනීද, ප්‍රඥා සහිතවූ හෙතෙම එකලාවූයේම උතුම් වේ යයි කීයේය.
1. පරොසත ජාතකය.
102. “යමෙක් දුක් ඇති තැනැත්තියට ආරක්ෂාස්ථානය වන්නේද, මාගේ ඒ පියතෙම වනයෙහි මිත්‍රද්‍රොහි කර්මය කෙරෙයි. වනය මැද ඒ මම කවරෙකුට හඬා කියම්ද? යමෙක් ආරක්ෂාකරන්නේද, හෙතෙම බලාත්කාරකම් කෙරේයයි” කීයේය.
2. පණ්ණික ජාතකය.
103. “යම් තැනක වෛර ඇති පුද්ගලතෙම වෙසේද, එතන්හි නුවණැත්තේ නොවසන්නේයි කුමක් හෙයින්දයත්? වෛර ඇත්තවුන් අතුරෙහි එක් දවසක් හෝ දෙදවසක් හෝ දුකසේ වාසය කෙරේයයි” කීයේය.
3. වේරී ජාතකය.
104. “සතර දෙනෙකුන්ගෙන් නොසතුටුව අටදෙනෙකු ළඟට ගියේය. අට දෙනෙකුගෙන් නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන්ද නොසතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියක් පතන්නේ උරචක්‍රයට ලංවීය. තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්‍රය භ්‍රමණය වේයයි” කීයේය.
4. මිත්තවින්ද ජාතකය.
105. “වනයෙහි බොහෝ වූ දුර්වලවූ යම් මේ දරකඩක් සුළඟ බිඳීද, ඒ දර බිඳීමට හස්තිය, ඉදින් බිය වෙහි නම් ඒකාන්තයෙන් තෝ කෘශවූයෙක් වන්නෙහියයි” කීයේය.
5. දුබ්බලකට්ඨ ජාතකය.
106. “ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නාවූ මා තවන්නාවූ නොහොත් කැමති කැමතිදෑ පිසන්නාවූ සැළින් හෝ ලිඳෙන් පැන් ගන්නා කිනිස්සක් නොහොත් කුඩා භාජනයක් මෙන් අනුන්ගෙන් වස්තුව හැර ගන්නාසේ දන්නාවූ අඹුවය යන නමින් සෙර ස්ත්‍රියක් තෙල්ද, ලුණුද, යන කැමති කැමතිදෑ ඉල්වායයි” කීයේය.
6. උදඤ්චනී ජාතකය.
107. “යම් කෙබඳුවූද ශිල්පයක් ඉතා යහපත එළුබෙටි විදීමෙන් සතර දිග්හි වූ ගම් ලබන ලද්දාහුයයි” කීයේය.
7. සාලිත්තක ජාතකය.
108. “හික්මීමට සුදුසුවූ ශිල්පයන් ඉගෙණ ගන්නේය. ප්‍රයෝජන කිමදයත්, ඒ ඒ ශිල්පයෙහි කැමතිවූ ජනයෝ ඇත්තාහ. යම්හෙයකින් ජනපදයෙන් පිටත්හි උපන්නාවූ ස්ත්‍රිතොමෝ මනාකොට කළ මළපහකිරීමෙන් (හෙවත්) හිරිඔතප් ඇතුව විළියෙන් මුවාව කළ මළ පහකිරීමෙන් රජහු සතුටුකරවීද, එහෙයිනැයි” කීයේය.
8. බාහිය ජාතකය.
109. “පුරුෂතෙම යම්බඳු ආහාරයක් ඇත්තේවේද, ඔහුගේ දේවතාවාද එබඳු ආහාරයක් ඇත්තී වේ. මේ කුඩු කැවුම ගෙණෙව. මාගේ කොටස නොනසවයි” කීයේය.
9. කුණ්ඩපූව ජාතකය.
110. සියල්ල එකතුවූ සුවඳක් නැත. අමිශ්‍ර හෙයින් පිරිසුදුවූ පුවඟු මල්ද සුවඳ විහිදෙයි. මේ ධූර්ත තැනැත්තිය බොරු කියයි. මැහැල්ලී තොමෝ සැබවක් කීවායයි” කීයේය.
10. සබ්බසංහාරක ප්‍රශ්නය.
පරොසත වර්ගය එකොළොස්වැනියි.
එහි උද්දානය:
සපරොසත, තායිත, වෙරී, භමචක්ක, නාගසිරිව්හයවන, සුඛ, සිප්පක, බාහිය, කුණ්ඩපූව, මහල්ලිකා යැයි දසයෙකි.