7. “මහරජ මම ඔබගේ පුත්රයෙමි. ජනාධිපතිය නුඹ මා පොෂණය කරව. දෙව තෙමේ සෙස්සන්ද පොෂණය කරයි. කුමක් හෙයින් ස්වකීය පුත්රවූ මා පොෂණය නොකරන්නේදැයි” කීයේය.
7. කට්ඨහාරි ජාතකය
8. “ඉක්මන් නොව කටයුතු කරන්නවුන්ටද බලාපොරොත්තු ආශාව (නොහොත්) ආශා ඵලය සමෘද්ධ වේමය සතර සංග්රහ වස්තුවයයි කියනලද මුහුකුරා ගියාවූ බ්රහ්මචරියා ඇත්තේවෙමි. ග්රාමණිය මෙසේ දැන ගණුවයි” කීයේය.
8. ගාමිණි ජාතකය
9. “මාගේ හිසෙහි හටගන්නා හෙයින් උත්තමංග රුහනම්වූ වයස් පැහැර ගන්නාවූ මේ පැසුණු කෙස් හටගත්හ. දේවදූතයෝ පහළවූහ. එහෙයින් මාගේ ප්රව්රජ්යාවට සුදුසු කාලය වේයයි” කීයේය.
9. මඛාදෙව ජාතකය
10. යම් පුද්ගලයෙකු සෙසු බොහෝ පුද්ගලයෝ රක්ෂා නොකෙරෙත්ද, යමෙක් සෙසු බොහෝ පුද්ගලයන් රක්ෂා නොකෙරේද, මහරජ, ඒ පුද්ගල තෙම වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්ෂාවක් නැත්තේ ඒකාන්තයෙන් සුවසේ වාසය කෙරේයයි” වදාළහ.
10. සුඛවිහාරි ජාතකය
අපණ්ණක වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
අපණ්ණක, වණ්ණුපථ, සේරිවාණිජ, චුල්ලසෙට්ඨි, තණ්ඩුලනාළි, දේවධම්ම, කට්ඨහාරි, ගාමණී, මඛාදේව, සුඛවිහාරි යන ජාතක දසයයි.
2. සීල වර්ගය
11. සිල්වත්වූ පිළිසඳර පැවතුම් ඇත්තවුන්ට අභිවෘද්ධියවේ. නෑ සමූහයා විසින් පිරිවරණලද එන්නාවූ ලක්ෂණ නම් මෘගයා බලව. තවද නෑයන්ගෙන් පිරිහීගියාවූම මේ කාළ නම් මෘගයා බලවයි” වදාළහ.
11. ලක්ෂණ මෘග ජාතකය
12. නිග්රොධ මුවරජහුම සේවනය කරන්නේය. ශාඛනම් මුවරජ කරා නො එළඹෙන්නේය. ශාඛනම් මුවරජ සමීපයෙහි ජීවත්වීමට වඩා නිග්රොධ මුව රජුවෙත මියයාම උතුම් වන්නේයයි” කීයේය.
12. නිග්රොධ මිගජාතකය
13. “කණ්ඩින නම් ඇති ඇතුල්වීම් අර්ථයෙන් ශල්යනම්වූ ඊතලය ඇති දැඩිකොට විදිනාවූ පුරුෂයාට නින්දා වේවා යම් ජනපදයෙක්හි ස්ත්රියක් තොමෝ එෛශ්චර්යයෙහි සිට සංවිධාන කරන්නීද ඒ ජනපදයට නින්දාවේවා යමක්හු ස්ත්රීන්ගේ වසඟයට ගියාහුද ඒ සත්වයෝද නින්දා කටයුත්තාහුයයි.’
13. කණ්ඩින ජාතකය
14. “ආවාසයෙහිද මිත්ර සන්ථවයෙහිද ඇල්ම ලාමකය. ඒ දෙකට වඩා රසයෙහි ඇල්ම ලාමකවේ. ඊට වඩා අධිකවූ ඇල්මක් නොම ඇත්තේය. ඒ එසේමැයි. වන ලැහැබ ඇසුරුකළාවූ වාත මෘගයා සඤ්ජය නම් උද්යානපාල තෙම රසයන්ගෙන් තමා වසඟයට පැමිණවීයයි.”
14. වාතමෘග ජාතකය
15. “ඛාරාදිය නම් තැනත්තිය කුර අටක් ඇත්තාවූ මුලින් වක්වූ අගින් ඉතා වක්වූ අං ඇති අවවාද ඉගෙණීම් හතෙන් ඉක්මුනු ඒ මෘගයාට අවවාද කරන්ට උත්සාහ නොකරන්නෙමියි” කීයේය.
15. ඛරාදිය ජාතකය
16. “දෙඇළයෙන් හා ඍජුවදැයි තුන් ආකාරයකින් සයනය කරන්නාවූ බොහෝ මායාවන් දත් කුර අටක් ඇති මධ්යම රාත්රියෙහි පැන් බොන්නාවූ මාගේ බෑණනුවූ මෘගයාට මනාකොට ඉගැන්වීමි. ඒ කෙසේදයත් යටවූ එක් නාස් පුඬුවකින් පොළොවට ආශ්වාස කරන්නේ ඉගෙණීම් සයකින් මාගේ බෑණනුතෙම වැද්දා මැඩ පවත්වයි (නොහොත්) පින්වතිය මාගේ බෑණනු තෙම කලා සයකින් වැද්දා රවටායයි” කීයේය.
16. තිපල්ලත්ථ මිග ජාතකය