2. 2. 9.
9. ශික්ෂානිසංස සූත්රය
46. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ත්රිවිධ ශික්ෂාවන්ගේ අනුසස් ඇත්තෝව ප්රඥාව උතුම්කොට ඇත්තෝව විමුක්ති සාරය ඇත්තෝව සිහිය අධිපතිකොට ඇත්තෝව වසවු. “මහණෙනි, ශික්ෂාවන් අනුසස්කොට ඇතිව ප්රඥාව ප්රධානකොට ඇතිව විමුක්ති සාරය ඇතිව සිහිය අධිපති කොට ඇතිව වසන්නවුන්ට මේ ආත්මභාවයෙහිම අර්හත්ඵලය හෝ ක්ලේශොපාදිශෙෂය පහකරන්ට නොහැකි නුවණ ඇති කල්හි අනාගාමි ඵලය හෝ එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “සම්පූර්ණවූ ශික්ෂාව ඇත්තාවූ නොකිපුණු (නොපිරිහුණු) ධර්ම ඇත්තාවූ ප්රඥාව ශ්රේෂ්ඨකොට ඇත්තාවූ ජාතියගේ ක්ෂයවූ නිවන (නොහොත්) ඉපදීම හා මරණයගේ ක්ෂයවූ නිවණ දක්නාසුලුවූ අවසන් සිරුර දරන්නාවූ මානය පහකළාවූ ජරාවගේ කෙළවරවූ නිවණට පැමිණියාවූ ඒ රහත්හු ඒකාන්තයෙන් මුනි යයි කියමි.
3. “එහෙයින් මහණෙනි, සදහටම ධ්යානයෙහි ඇලුනාහු සමාධියෙන් යුක්තවූවාහු කෙලෙස් තවන වීර්ය ඇත්තාහු ජාතියගේ ක්ෂයවූ නිවන දක්නාසුලු වූවාහු සෙනාව සහිතවූ (සතර) මරහුම මැඩ ජාති මරණයාගේ එතෙරට ගියාහුවමු යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 10.
10. ජාගරකාල විපස්සී සූත්රය
47. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මහණතෙම නිදිදුරුකරන්නෙක්ද වන්නේය. සිහි ඇත්තෙක්ද වන්නේය. සම්යක් ප්රඥා ඇත්තෙක්ද වන්නේය. එකඟ සිත් ඇත්තෙක්ද වන්නේය. සතුටු සිතැත්තෙක්ද වන්නේය. විශේෂයෙන් පැහැදුනෙක්ද වන්නේය. කුශල ධර්මයන්හි එකල්හි හෝ කර්මස්ථානානුයෝගයෙහි කාලානුරූපව හෝ විදර්ශනාව කරන්නෙක්ද වන්නේය. “මහණෙනි, නිදි දුරුකරන්නෙක්ව වසන්නාවූ සිහි ඇත්තාවූ සම්යක් ප්රඥාව ඇත්තාවූ ප්රමුදිතවූ විශේෂයෙන් ප්රසන්නවූ කුශල ධර්මයන්හි එකල්හි හෝ ඒ කමටහන්හි යෙදීමෙහි හෝ කලට සුදුසු පරිද්දෙන් විදර්ශනා කරන්නාවූ මහණහු විසින් මේ ආත්මයෙහිම රහත්බව හෝ උපාදිශෙෂය ඇතිකල්හි අනාගාමීබව හෝ දෙපලයන් අතුරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “නිදි දුරුකරන්නාහු මේ (මාගේ) වචනය අසවු, යම් කෙනෙක් නිද්රෝපගතවූවාහු වෙද්ද, ඒ තෙපි පිබිදෙවු, නිදීමට වඩා නිදි දුරු කිරීම අතිශයින් පැසසිය යුත්තේය. නිදි දුරුකරන්නාහට භය නැත.
3. “යමෙක් ප්රමාද නිද්රාව දුරුකරන්නේවේද, සිහි ඇත්තේවේද, සම්යක් ප්රඥාව ඇත්තේවේද, සමාධියෙන් යුක්තවේද, සතුටු සිත් ඇත්තේවේද, විශේෂයෙන් ප්රසන්නවූයේවේද, කාලයෙහි සුදුසු ත්රෛභූමක ධර්මය මනාව විමසන්නේ (සියලු අයුරෙන් විදර්ශනා කරන්නේ සුදුසු උපන් මාර්ග සමාධිය ඇත්තේ මාර්ග ප්රතිවේධ කාලයෙහි මනාකොට චතුස්සත්ය ධර්මය පරිඤ්ඤාහිසමයාදී වශයෙන් විමසන්නේවේද,
4. “ඒ ආර්ය ශ්රාවකතෙමේ (අර්හත් මාර්ගයෙන් මෝහය නසන්නේය. එහෙයින් ඒකාන්තයෙන් නිදි දුරුකිරීම සෙවුනේය. කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ ස්ථානොචිත ප්රඥාව ඇත්තාවූ ධ්යානලාභීවූ ඒ මහණතෙම (දස) සංයෝජනයද ජාති ජරාවන්ද සිඳ මෙහිදීම උතුම්වූ අග්රඵල සංඛ්යාත සම්බොධියට පැමිණෙන්නේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 11.
11. අපායික අභූතවාදී සූත්රය
48. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ නොහැර අපායෙහි උපදින්නාවූ නිරයෙහි උපදින්නාවූ මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්? යමෙක්තෙම බඹසර නොහැසිරෙන සුලුවූයේ (මම) බ්රහ්මචාරීයයි ප්රතිඥා කිරීම ඇත්තේ වේද, යමෙක් වනාහි සම්පූර්ණවූ පිරිසිදු බඹසර හැසිරෙන්නාවූ භික්ෂුවකට බඹසර නැතැයි චොදනා කෙරේද? “මහණෙනි, මේ පාප සමාචාරය අත්නොහැර (සතර) අපායෙහි උපදින්නාවූ, නරකයෙහි උපදින්නාවූ මේ පුද්ගලයෝ දෙදෙන වෙත් යයි.”