1. සංවෙජනීය වර්ගය
2. 1. 1.
1. (අගුත්තද්වාරින්ද්රිය) භික්ෂු සූත්රය
28. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී:
28. “මහණෙනි, (අකුශල) ධර්ම දෙකකින් යුක්තවූ මහණ තෙමේ මේ ආත්ම බවෙහිම බලවත් ආයාස ඇතිව ක්ලෙශ සන්තාපයෙන්ද ක්ලෙශ පරිදාහයෙන්ද දැවිලි ඇතිව දුකසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමතිවිය යුත්තීය. කවර දෙකකින්ද යත් නොවසන ලද දොර ඇති බවද අහරෙහි පමණ නොදන්නා බවද (යන දෙකිනි.) “මහණෙනි, මේ (අකුශල) ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්ම බවෙහිම පීඩා ඇතිව දැඩි ආයාස ඇතිව හාත්පස දාහ ඇතිව දුකසේ වාසය කෙරේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමැති විය යුත්තීයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද, කයද එසේම සිතද (යන) මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද.
“ඉඳුරන්හි සංවර නැත්තාවූ බොජුනෙහි පමණ නොදත් ඒ මහණතෙමේ කායික දුකටද චෛතසික දුකටද පැමිණේ.
“එබඳු පුද්ගලතෙමේ ඉදින් දවල්හි වේවයි, රෑ වේවයි දනුලබන්නාවූ කයින්ද දැවෙන සිතින්ද දුකසේ වෙසේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 2.
2. (ගුත්තද්වාරින්ද්රිය) සූත්රය
29. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී:
29. “මහණෙනි (කුශල) ධර්ම දෙකකින් යුත් මහණතෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හැම ලෙසින් දැවිලි නැතිව සුවසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි, සුගති තොමෝ කැමැති විය යුත්තීය. කවර දෙකකින්ද යත් ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින්ද ආහාරයෙහි පමණ දත් බැවින්ද යන දෙකිනි.) “මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හාත්පස දාහ නැතිව සුවසේ වෙසේය.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක, එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද කයද යළි සිතද (යන) මේ දොරවල් මනාව වසන ලද්දාහු වෙද්ද.
“ඉන්ද්රියයන්හිද සංවරවූ ඒ මහණතෙම බොජුනෙහි පමණ දන්නේත් වේද, (ඒ මහණතෙමේ) කායික සැපය චෛතසික සැපය (යන) හැම සැපයට පැමිණේ.
“එබඳු මහණතෙමේ දවල්හි හෝ රෑ හෝ නොදැවෙන කයින්ද නොදැවෙන සිතින්ද සුවසේ වෙසේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 3.
3. තපනීය ධම්ම සූත්රය
30. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
30. මහණෙනි, (මෙලොවද පරලොවද) වෙහෙසන්නාවූ හෝ දුකම සිතවූ හෝ පසු තැවිල්ලට හේතුවූ ධර්ම (කරුණු) දෙකක් වෙත්, කවර දෙකක්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරන ලද පින් ඇත්තේ වේද, නොකරන ලද කුසල් ඇත්තේ වේද, නොකරන ලද දුකට රැකවල් ඇත්තේ වේද, කරන ලද පව් ඇත්තේ වේද, කරන ලද රෞද්ර ක්රියා ඇත්තේ වේද, කරන ලද දුසිල් බැව් ඇත්තේ වේද, හෙතෙම මා විසින් පින් නොකරන ලද්දේ” යයි ද තැවෙයි. ‘මා විසින් පව් කරන ලද්දේයයිද තැවෙයි, මහණෙනි, මේ වනාහී තැවියයුතු ධර්මදෙක වෙත්යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් දුශ්චරිත කොට වචනයෙන්ද දුශ්චරිතයක් කොට සිතින්ද දුසිරිකොට දෝෂ යයි දන්නා ලද අන්යවූ යම් අපරාධ වේද එයද කොට,
“කුසල් දහම් නොකොට බොහෝ අකුසල් කොට ඒ දුෂ්ප්රාඥතෙමේ ශරීරයාගේ භෙදයෙන් නරකයෙහි උපදීයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.