1. 1. 4.
ක්‍රොධ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, ක්‍රෝධයවූ එක් ධර්මය දුරුකරවු, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් ක්‍රෝධයකින් කිපියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රෝධය මනාව දැන පහකෙරෙත්, පහකොට නැවත මේ (කාම) ලෝකයට කිසි කලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙති”යි
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 5.
මක්ඛ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, (අනුන්ගේ ගුණ) මැකීමවූ (ගුණ මකනාකාරයෙන් පැවති දොම්නස් සහගිය සිතිවිල්ල වූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යම් ගුණ මැකීමකින් (ගුණ) මකන්නාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ගුණමැකීම මනාව දැන දුරුකෙරෙති. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 6.
මාන සූත්‍රය
6. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, (නවවිධ) මානයවූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ, මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමි”යි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යම් මානයකින් මත්වූ සත්වයෝ දුගතියට යෙද්ද, නුවණැත්තෝ ඒ මානය මනාකොට දැනගෙන පහකෙරෙත්. පහකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (උත්පත්ති වශයෙන්) නොපැමිණෙත්.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 7.
සර්ව සූත්‍රය
7. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, සර්වය නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මනාව දතයුතු විශේෂයෙහි නොඇලෙන්නේ පහනොකරන්නේ දුඃඛය ක්ෂය කරනු පිණිස (නිවන් පිණිස) සමර්ථ නොවේ. මහණෙනි, සියලුම සක්කායදෘෂ්ටිය දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඇලෙන්නේ පහකරන්නේ නිර්වාණය පිණිස සමර්ථ වේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ: