1. 1. 2.
ද්වේෂ සූත්රය
භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, ද්වේෂයවූ එක් ධර්මය පහකරවූ, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් තරහවකින් දූෂ්යවූ සත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාව වඩන නුවණැත්තෝ ඒ ද්වේෂය මනාව දැන පහකෙරෙත්. පහකොට නැවත මේ (කාම) ලෝකයට නොපැමිණෙත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 3.
මෝහ සූත්රය
භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්?
මහණෙනි, මෝහය (නොදැනීම) වූ එක් ස්වභාවය දුරු කරවූ, මම තොපට අනාගාමි බව පිණිස ඇපවෙමියි. මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් නොදැනීමකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, දක්නාවූ නුවණැත්තෝ ඒ මුළාව මනාව දැන පහකෙරෙත්. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 4.
ක්රොධ සූත්රය
භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, ක්රෝධයවූ එක් ධර්මය දුරුකරවු, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමියි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් ක්රෝධයකින් කිපියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්රෝධය මනාව දැන පහකෙරෙත්, පහකොට නැවත මේ (කාම) ලෝකයට කිසි කලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙති”යි
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 5.
මක්ඛ සූත්රය
භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, එක් ධර්මයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක්ද යත්? මහණෙනි, (අනුන්ගේ ගුණ) මැකීමවූ (ගුණ මකනාකාරයෙන් පැවති දොම්නස් සහගිය සිතිවිල්ල වූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමියි.