3. 10 යශොධරා ප්රමුඛ අටළොස් දහසක් භික්ෂුණින්ගේ අපදානය
426. “ශාක්ය කුලයෙහි උපන්නාවූ යශොධරා ප්රමුඛවූ අටළොස් දහසක් භික්ෂුණීහු සම්බුදුරජුන් වෙත එළඹියාහුය.
427. “අටළොස් දහසක්වූ ඒ සියළු භික්ෂුණීහු මහත් ඎද්ධි ඇත්තාහු වෙත්. (ස්වකීය) බලය තත්වූ පරිදි ආරොචනය කරමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳිත්.
428. “මහා මුනීන් වහන්ස, (අපගේ) ජාතියද, ජරාවද, ව්යාධියද, මරණයද ක්ෂය විය. ලෝකනායකයන් වහන්ස, ආශ්රව රහිතවූ අමෘතවූ ශාන්ත පදයට යමු.
429. “මහා මුනීන් වහන්ස, ඉදින් පෙර (අප) සියල්ලන්ගේ වැරදිමක් ඇත්තේ වි නම්, බුදුරජාණන් වහන්ස, එම අපරාධය නොදන්නියෝ (වෙමු.) අපගේ (එම අපරාධයට) ක්ෂමා වනු මැනවි.”
430. “මාගේ සසුන කරන්නාවූ (තෙපි) ඎද්ධියද දක්වව්. සියළු පිරිසගේ යම්තාක් සැක (වෙත් නම්) එයද සිඳිව්.”
431. “මහා වීරයන් වහන්ස, යශෝධරා තෙමෝ මන වඩන්නීය. පියවූ දැකුම් ඇත්තීය. මහා වීරයන් වහන්ස, සියළු භික්ෂුණීහු ගිහිගෙහිදී ඔබ වහන්සේගේ (පරිවාර) ස්ත්රීහුයි.
432. “වීරයන් වහන්ස, සානූකෙළක් ස්ත්රීන් අතුරෙන් ඒ අපි ගිහිගෙයි සියල්ලනට අධිපතිවූ ප්රමුඛ තැනැත්තියෝ වෙමු.
433. “රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ (අපට) ගරු කෙරෙත්.
434. “එකල්හි ශාක්ය වංශයෙහි උපන්නාවූ යශොධරා ප්රමුඛ අටළොස් දහසක්වූ සියල්ලෝ (හැමදෙනාහට) ප්රමුඛයහ. ඊශ්වරයහ.
435. “මහා මුනීන් වහන්ස. කාමධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියවුන් අතුරෙනුදු රූපයෙන් අප හා සමානවූ තැනැත්තියක් නැත.
436. “සම්බුදුරජුන් වැඳ, ශාස්තෲන් වහන්සේට ඎද්ධි දැක්වූහ. ලෙව්හි නානාවිධවූ මහත් ඎද්ධින්ද දැක්වූහ.
437. “චක්රවාටය සමවූ කයද, උතුරුකුරු දිවයින සමවූ හිසද, දෙදිවයින් සමවූ දෙපියාපත්ද, සිරුරින් දඹදිවද,
438. “(මොණර) පිල් දකුණු සයුරද, කුඩා පිහාටු නොයෙක් අතුද, සඳ හිරු ඇස්ද, මේරු පර්වතයෙන් ශිඛාවද,
439. “චක්රවාට පර්වතය තුඩද කොට, මුල් සහිතවූ දඹ රුක කම්පනය කරන්නාහු, බුදුරජුන් වෙත එළඹ වඳිත්.
440. “ඇත් වෙසද, එසේම අශ්වය, පර්වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්වතය, ශක්ර වේශය (යන මේවා) දැක්වූහ.
441. “නරනායකවු වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ බලය කරණකොටගෙන නිපන්නාවූ යශෝධරා ප්රමුඛවූ අප වීරවූ බුදුරජාණන් වහන්සේගේ පා වඳිමු.
442. “මහා මුණීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්ය ශ්රෝත ධාතු ඥානයෙහිද වශී වෙමු. චෙතො පරියඤාණයාගේද වශී වෙමු.
443. “පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත.
444. “මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්රතිභාණයෙහිද, අපගේ ඤාණය ඔබ වහන්සේ සමීපයෙහිදී උපන්නේය.
445. “පෙර බුදුවරයන්ගේ එක්වීම (කෙබඳුදැයි) අපට දක්වන ලදී. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා අපගේ පින්කම් බොහෝය.
446. “මුනීන්ද්රයන් වහන්ස, අප විසින් පෙර කුශලයක් කරන ලද නම් (එය ඔබ) සිහි කෙරෙහිය. මහා වීරයන් වහන්ස, අප විසින් ඔබ පිණිස පින් රැස් කරන ලදී.
447. “නුසුදුසු තැන් හැර අනාචාරයෙන් වැළකීමු. මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ පිණිස අපගේ ජීවිත පරිත්යාග කරන ලදී.
448. “නොයෙක් කෙළ දහස් ගණන් අයට අප (පරිවාර) ස්ත්රීන් පිණිස දුන්නේය. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා එහිලා අපි නොසතුටු නොවෙමු.
449. “නොයෙක් කෙළ දහස් ගණන් අයට අප උපකාර පිණිස දුන්නේය. එහිලා අපි නොසතුටු නොවෙමු. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
450. “නොයෙක් කෙළ දහස් ගණන් අයට අප ආහාර සැපයීම පිණිස දුන්නේය. එහිලා අපි නොසතුටු නොවෙමු. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
451. “අපගේ නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්යාග කෙළෙමු. භයින් මිදීම කරන්නෙමු” යයි එසේ දිවි හළෙමු.
452. “මහා මුනීන් වහන්ස, ශරීර අවයවයන්හිවූ නා නා විධ අලංකාර වස්ත්රද, බොහෝ ස්ත්රී භාණ්ඩද ඔබ වහන්සේ සඳහා නොසඟවමු.