10. සාමඤ්ඤවග්ගො
91-116. 1 - 27 සූත්‍ර
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක.
එකල්හි බොජ්ඣා උපාසිකාව -පෙ- සිරිමා - පදුමා - සුතනා - මනුජා - උත්තරා - මුත්තා - ඛේමා - සෝමා - රුචි - චුන්දී රාජකුමාරිය - බිම්බී උපාසිකාව - සුමනා රාජකුමාරිය - මල්ලිකා දේවිය - තිස්සා උපාසිකාව - තිස්සාගේ මව - සෝණා - සෝණාගේ මව - කාණා - කාණාගේ මව - උත්තරා නන්දමාතා - විසාඛා මිගාරමාතා - ඛුජ්ජුත්තරා උපාසිකාව - සාමාවතී උපාසිකාව - කෝලිය දියණිය වූ සුප්පවාසා - සුප්පියා උපාසිකාව - නකුලමාතා ගෘහපතිනිය -පෙ-
සාමඤ්ඤවග්ගො දසමො.
දුතියො පණ්ණාසකො සමත්තො.
(11). රාගාදි පෙයියාලය
8. 11. 1.
අට්ඨමග්ගඞ්ග සූත්‍රය
[සැවැත්නුවර නිදානයයි]
මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද?
නිවැරැදි දැක්ම, නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ආජීවය, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිත එකඟකම යනුය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ ධර්ම අට වැඩිය යුතුය.
8. 11. 2.
අට්ඨඅභිභායතන සූත්‍රය
[සැවැත්නුවර නිදානයයි]
මහණෙනි, රාගයාගේ දැන ගැනීම පිණිස, මේ කරුණු අට වැඩිය යුතුය. කවර අටක්ද?
“ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූප යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත නිල්වූ, නිල්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත රන්වූ, රන්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත ලේ වූ, ලේ වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. “ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත සුදුවූ සුදුවන්වූ, සුදට බඳු ආකාර ඇත්තාවූ, සුදට බඳු වැටහීම් ඇත්තාවු, රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.