8. 2. 7. 2.
අලමත්තනො සූත්රය
[සැවැත් නුවර නිදානයි]
1. මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ භික්ෂුව තමහට යොග්ය වෙයි. අනුන්ටද යොග්ය වෙයි. කවර සයකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අර්ත්ථ පරීක්ෂා කෙරේද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අර්ත්ථය ඇඟවීමෙන් සබ්රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, ඉමෙහි ධර්ම සයකින් යුක්තවූ භික්ෂුව අනුන්ට යොග්ය වෙයි.
2. මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ භික්ෂුව තමහට යොග්යය, අනුන්ටද යොග්යය. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, නමුත් ඇසූ ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අර්ත්ථ පරීක්ෂා කෙරේද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අර්ත්ථය ඇඟවීමෙන් සබ්රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, මේ ධර්ම පසකින් යුක්තවූ භික්ෂුව තමහට යොග්යය, අනුන්ටද යොග්යය.
3. මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ භික්ෂුව තමහට යොග්යයි, අනුන්ට අයොග්යයි. කවර සතරකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අර්ත්ථ පරීක්ෂා කෙරේද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි යෙදුනේ වේද, නමුත් යහපත් වචන නැත්තේ, යහපත් වචන කථා නොකරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත නොවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අර්ත්ථය ඇඟවීමෙන් සබ්රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරන්නෙක් නොවූයේද, මහණෙනි, මේ ධර්ම සතරකින් යුක්තවූ භික්ෂුව තමහට යොග්යයි, අනුන්ට අයොග්යයි.
4. මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ භික්ෂුව අනුන්ට යොග්යයි. තමහට අයොග්යයි. කවර සතරකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ඇසූ ධර්මයන් සිතෙහි දරන්නෙක් වේද, නමුත් දරණ ලද ධර්මයන්ගේ අර්ත්ථ පරීක්ෂා නොකරන්නෙක් වේද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අර්ත්ථය ඇඟවීමෙන් සබ්රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, මේ ධර්ම සතරකින් යුක්තවූ භික්ෂුව අනුන්ට යොග්යයි. තමහට අයොග්යයි.