8. 1. 4. 9.
පුඤ්ඤාභිසන්ද සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, කුශල ධර්ම අට ඉෂ්ටවූ, කමණියවූ, මන වඩන්නාවූ, හිත සැප පිණිස පවතින්නාවූ (ධර්මයෝ) වෙත්.
1. “කවර ධර්ම අටෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, පළමුවන ධර්මය තෙම ඉෂ්ටවූ, කමණීයවූ, මන වඩන්නාවූ හිත සැප පිණිස පවත්නේ වෙයි.
2. “තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ධර්මය සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, දෙවන ධර්මය වෙයි.
3. “තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සංඝයා සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, තුන්වෙනි ධර්මය වෙයි.
4. “මහණෙනි, මේ පස චෙතනා දානයෝ වෙත්. මහා දානයෝ වෙත්. අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්ණ වෙත්. අසංකීර්ණ පූර්ව වෙත්. ශ්රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. “කවර දාන පසෙක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ප්‍රාණඝාතයෙන් වෙන්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ. “මහණෙනි, මේ (දානය) අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්ණ වෙත්. අසංකීර්ණ පූර්ව වෙත්. ශ්රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, පළමුවැනි දානයයි.
5-8. තවද මහණෙනි, ආර්ය ශ්රාවකයා සොරකම (අදත්තාදානය) හැර සොරකමින් වැළකුණේ වෙයි -පෙ- කාමයෙහි වරදවා හැසිරීම හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි -පෙ- බොරු කීම හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි -පෙ- මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ රා මෙර මත්පැන් හැර, මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ රා මෙර මත්පැනින් වැළකුණේ වෙයි. මහණෙනි, මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ රා මෙර මත්පැනින් වැළකුණු ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්ත්වයන්ට අභය දෙයි, අවෛරය දෙයි, නිදුක් බව (අව්‍යාපාදය) දෙයි. අප්‍රමාණ සත්ත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ අභයට, අවෛරයට, නිදුක් බවට කොටස්කරුවෙක් වෙයි.