8. 1. 4. 5.
5. දානුප්පත්ති සූත්‍රය
[සැවැත් නුවර නිදානය]
“මහණෙනි, මේ කරුණු අට දානය ඇතිවීමට හේතු වෙත්. “කවර අටෙක්ද යත්?
1. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ශ්රමණයෙකුට හෝ බහා තබන ලද (නෙරපණ ලද) පවු ඇති හෙයින් බ්‍රාහ්මණ නම්වූ ක්‍ෂීණාශ්‍රවයෙකුට හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි. හෙතෙම යමක් දේ නම් එය ප්‍රාර්‍ත්‍ථනා කරයි. හෙතෙම පඤ්චකාම ගුණයන්ගෙන් සතුටුවන්නාවූ, ඒ ඔවුන්ගේ අඞ්ගයක් වශයෙන් සලකන්නාවූ, එය පාවිච්චි කරන්නාවූ, ක්ෂත්රිය මහාසාර කුලවතුන් හෝ, බ්‍රාහ්මණ මහාසාර කුලවතුන් හෝ, ගෘහපති මහාසාර කුලවතුන් හෝ, දකියි. (එකල්හි) ඔහුට මෙබඳු අදහසක් වෙයි. ‘අනේ, මම ඒකාන්තයෙන්ම ශරීරය බිඳී යාමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාර කුලවතුන් හෝ, බ්‍රාහ්මණ මහාසාර කුලවතුන් හෝ, ගෘහපති මහාසාර කුලවතුන් හෝ, සම්බන්ධය ඇතිව (ඒ කුලයෙක්හි) උපදින්නේ නම් (ඉතා යෙහෙකි.)’ හෙතෙම එය සිත තබයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ, පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ, සිත එහි ඉපැත්ම පිණිස පවතී. (හේතුවෙයි.) ශරීරය බිඳී යාමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාර කුලවතුන් හෝ, බ්‍රාහ්මණ මහාසාර කුලවතුන් හෝ, ගෘහපති මහාසාර කුලවතුන් හෝ, සම්බන්ධය ඇතිව (ඒ කුලයෙක්හි) උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශීලයාහට නොවේ. “මහණෙනි, සිල්වත්හුගේ ප්‍රාර්‍ත්‍ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි.
2. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයිද, හෙතෙම යමක් දේ නම් එය ප්‍රාර්‍ත්‍ථනා කරයි. ඔහු විසින් චාතුර්මහාරාජික දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි අසන ලද්දාහුය. (එකල්හි) ඔහුට මෙසේවූ සිතක් වෙයි. ‘අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ට සහභාගීව උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශීලයාහට නොවේ. “මහණෙනි, සිල්වත්හුගේ ප්‍රාර්‍ත්‍ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි.
3-7. 3-7 මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, යහන්, නිවාස, පහන් ආදී දන් දෙයි. ඔහු යමක් දෙයි ද, එය නැවත පතයි. ඔහු විසින් ‘තාවතිංස දෙවියෝ -පෙ- යාම දෙවියෝ -පෙ- තුසිත දෙවියෝ -පෙ- නිම්මාණරතී දෙවියෝ -පෙ- පරනිම්මිතවසවත්තී දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝ ය, වර්ණවත් වූවෝ ය, බොහෝ සැප ඇත්තෝ ය’ යි අසන ලද්දේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි: ‘අහෝ, මම කය බිඳී මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් මැනවි.’ හෙතෙම ඒ සිත තබයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. හීන වූ (පස්කම් ගුණයෙහි) ඇලුණු, මතු (මාර්ග ඵල පිණිස) නොවඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපදීම පිණිස පවතියි. කය බිඳී මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහවාසයට උපදියි. එය ද සිල්වතාට කියමි, දුස්සීලයාට නොකියමි. මහණෙනි, සිල්වතාගේ සිතේ පැතුම පිරිසිදු බැවින් සමෘද්ධ වෙයි.
8. “මහණෙනි, සිල්වත්හුගේ ප්‍රාර්‍ත්‍ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයිද, හෙතෙම යමක් දේ නම් එය ප්‍රාර්‍ත්‍ථනා කරයි. ඔහු විසින් බ්‍රහ්මකායික දෙව්ලෝ වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි අසන ලද්දාහුය. (එකල්හි) ඔහුට මෙසේවූ සිතක් වෙයි. ‘අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු බ්‍රහ්මකායික දෙව්ලෝ වැසි දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ට සහභාගීව උපදී. “හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශීලයාහට නොවේ. වීතරාගීහටයයි කියමි. රාගය සහිතවූවහුට නොවේ. මහණෙනි, සිල්වතාගේ ප්‍රාර්ථනාව ඉටුවෙයි. පහවූ රාග ඇති හෙයිනි. මහණෙනි, මේ අෂ්ටදානුප්පත්තීහු වෙත්.”
8. 1. 4. 6.
6. පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
[සැවැත් නුවර නිදානය]
“මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්?
දානමය පුණ්‍යක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවය යන මොහුයි.