5. ආහුණෙය්ය වර්ගය
7. 2. 5. 1.
චක්ඛු අනිච්චානුපස්සී සූත්රය
සැවැත් නුවර දී ය.
95. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති.
“ඒ සත් දෙන කවරහුද? (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ (3) හෙතෙම ආශ්රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද මෙලොවම තෙමේ මනාකොට දැන, ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ ප්රථම පුද්ගලයා වෙයි.
(2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ ඔහුට පෙර පසු නොව එකවිටම ඒ ක්ලේශයන් නැතිවීමද, ජීවිතය නැතිවීමද සිදුවෙයි. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ දෙවන පුද්ගලයා වෙයි.
“මහණෙනි, නැවතද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් “අන්තරා පරිනිබ්බායී” වෙයි. මේ තෙවන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් “උපහච්ච” පරිනිබ්බායී වෙයි. මේ සිව්වන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ... හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී වෙයි. මේ සයවන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ... හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී වෙයි. ඉහළ ඉපදීමට යන අකනිට්ඨගාමී පුද්ගලයා වෙයි. මහණෙනි (1) පූජාවට යෝග්යවූ... ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ සත්වන පුද්ගලයා වෙයි.
“පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති.
7. 2. 5. 2.
චක්ඛු දුක්ඛානුපස්සී ආදී සූත්ර
සැවැත් නුවර දී ය.
96-622. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. “ඒ සත්දෙන කවරහුද?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි දුක අනුව බලන්නේ වාසය කරයි. -පෙ-
-පෙ- ඇසෙහි අනාත්මය අනුව බලන්නේ වාසය කරයි -පෙ-
-පෙ- ඇසෙහි ක්ෂයවීම අනුව බලන්නේ වාසය කරයි -පෙ-
-පෙ- ඇසෙහි ව්යයවීම අනුව බලන්නේ වාසය කරයි -පෙ-
-පෙ- ඇසෙහි විරාගය අනුව බලන්නේ වාසය කරයි -පෙ-
-පෙ- ඇසෙහි නිරෝධය අනුව බලන්නේ වාසය කරයි -පෙ-
-පෙ- ඇසෙහි දුරුකිරීම (පටිනිස්සග්ගය) අනුව බලන්නේ වාසය කරයි -පෙ-
7. 2. 5. 9-520.
සොත අනිච්චානුපස්සී ආදී සූත්ර
සැවැත් නුවර දී ය.
කණෙහි -පෙ- නාසයෙහි -පෙ- දිවෙහි -පෙ- ශරීරයෙහි -පෙ- සිතෙහි -පෙ- රූපයෙහි -පෙ- ශබ්දයෙහි -පෙ- ගන්ධයෙහි -පෙ- රසයෙහි -පෙ- ස්පර්ශයෙහි -පෙ- ධර්මයෙහි -පෙ-
චක්ෂුර් විඥානයෙහි -පෙ- ශ්රොත විඥානයෙහි -පෙ- ඝාණ විඥානයෙහි -පෙ- ජිව්හා විඥානයෙහි -පෙ- කාය විඥානයෙහි -පෙ- මනස් විඥානයෙහි -පෙ-
චක්ෂු ස්පර්ශයෙහි -පෙ- ශ්රොත ස්පර්ශයෙහි -පෙ- ඝාණ ස්පර්ශයෙහි -පෙ- ජිව්හා ස්පර්ශයෙහි -පෙ- කාය ස්පර්ශයෙහි -පෙ- මනස් ස්පර්ශයෙහි -පෙ-
ඇස හා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- කණ හා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- දිව හා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- කය හා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- සිත හා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ-
රූප සංඥාවෙහි -පෙ- ශබ්ද සංඥාවෙහි -පෙ- ගන්ධ සංඥාවෙහි -පෙ- රස සංඥාවෙහි -පෙ- ස්පර්ශ සංඥාවෙහි -පෙ- ධර්ම සංඥාවෙහි -පෙ-
රූපය ගැන සිතීමෙහි -පෙ- ශබ්දය ගැන සිතීමෙහි -පෙ- ගන්ධය ගැන සිතීමෙහි -පෙ- රසය ගැන සිතීමෙහි -පෙ- ස්පර්ශය ගැන සිතීමෙහි -පෙ- ධර්මය ගැන සිතීමෙහි -පෙ-
රූප තෘෂ්ණාවෙහි -පෙ- ශබ්ද තෘෂ්ණාවෙහි -පෙ- ගන්ධ තෘෂ්ණාවෙහි -පෙ- රස තෘෂ්ණාවෙහි -පෙ- ස්පර්ශ තෘෂ්ණාවෙහි -පෙ- ධර්ම තෘෂ්ණාවෙහි -පෙ-
රූප විතර්කයෙහි -පෙ- ශබ්ද විතර්කයෙහි -පෙ- ගන්ධ විතර්කයෙහි -පෙ- රස විතර්කයෙහි -පෙ- ස්පර්ශ විතර්කයෙහි -පෙ- ධර්ම විතර්කයෙහි -පෙ-
රූප විචාරයෙහි -පෙ- ශබ්ද විචාරයෙහි -පෙ- ගන්ධ විචාරයෙහි -පෙ- රස විචාරයෙහි -පෙ- ස්පර්ශ විචාරයෙහි -පෙ- ධර්ම විචාරයෙහි -පෙ-