7. 2. 4. 2.
2. සමණ කරණ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
33. “මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි.
7. 2. 4. 3.
3. බ්‍රාහ්මණ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
34. “මහණෙනි, ධර්ම සතක් යටකළ බැවින් බ්‍රාහ්මණ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් යටකළ බැවින් බ්‍රාහ්මණ වෙයි.
7. 2. 4. 4.
4. සොත්‍ථිය ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
35. “මහණෙනි, ධර්ම සතක් ඉවත්කළ බැවින් යහපත්වූයේ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් ඉවත්කළ බැවින් යහපත්වූයේ වෙයි.
7. 2. 4. 5.
5. නහාතක ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “මහණෙනි, ධර්ම සතක් නෑ බැවින්, (පිරිසිදු කළ බැවින්) නහාතක නම් වේ. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් නෑ බැවින්, (පිරිසිදු කළ බැවින්) නහාතක නම් වේ.
7. 2. 4. 6.
6. වෙදගූ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
37. “මහණෙනි, ධර්ම සතක් දන්නා ලද බැවින් වේද ගූ නම් වේ. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් දන්නා ලද බැවින් වේද ගූ නම් වේ.
7. 2. 4. 7.
7. අරිය ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
38. “මහණෙනි, ධර්ම සතක් සුදුසු බැවින් ආර්‍ය්‍ය නම් වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් සුදුසු බැවින් ආර්‍ය්‍ය නම් වෙයි.
7. 2. 4. 8.
8. අරහන්ත ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
39. “මහණෙනි, ධර්ම සතක් දුරු කළ බැවින් අර්හත් නම් වෙයි. කවර සතක්ද යත්?
ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි.
මහණෙනි, මේ ධර්ම සතකගේ දුරුවීමෙන් රහත් නම් වෙයි.”
7. 2. 4. 9.
9. සත්ත අසද්‍ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
40. “මහණෙනි, මේ අසද්ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පාපයට ලජ්ජාව නැත්තේ වේද, පාපයට බිය නැත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් නැත්තේ වේද. කම්මැලි වේද, මුළාවූ සිහි ඇත්තේ වේද, ප්‍රඥා නැත්තේ වේද,
මහණෙනි, මේ සත අසද්ධර්මයෝ වෙති.”
7. 2. 4. 10.
10. සත්ත සද්‍ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
41. “මහණෙනි, මේ සද්‍ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජාව ඇත්තේ වේද, පාපයට බිය ඇත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
මහණෙනි, මේ සත සද්ධර්මයෝ වෙති.”
සතරවැනි සමණ වර්‍ගය නිමි.
එහි උද්දානය:
භික්ඛු, සමණ, බ්‍රාහ්මණ, සොත්ථිය, නහාතක, වෙදගූ, අරිය, අරහා යන සූත්‍ර ද ධර්ම සූත්‍ර දෙක ද යන මේ සූත්‍ර දසයයි.