7. 2. 1. 4.
4. සීහ - දානඵල සූත්‍රය
57. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සීහ නම් සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමිනි, සාන්දෘෂ්ටික (මෙලොවදී පෙනෙන) දාන ඵලය ප්‍රකාශ කරන්නට හැකි සේක්ද?”
“එසේ නම් සීහය, එයම මෙහිදී වාචාරන්නෙමි. යම් සේ ඔබට රුචිවන්නේ නම් ප්‍රකාශ කරව.
සීහය මේ ලෝකයෙහි පුරුෂයෝ දෙදෙනෙකි. “එක් පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ය. මසුරුය. තද මසුරුය. අපහාස කරන්නේය. එක් පුරුෂයෙක් සැදැහැවත්ය, දානපතිය, දීමෙහි ඇළුනේය. සීහය කුමක් සිතන්නෙහිද? (2) රහතුන් වහන්සේලා යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, (2) මින් කවරනම් පුරුෂයෙකුට අනුකම්පා කරන්නාහු අනුකම්පා කෙරෙත්ද?”
“ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (2) කිමෙක්ද, ස්වාමින් වහන්සේලා ඔහුට අනුකම්පා කරන්නාහු අනුකම්පා කෙරෙත්ද, (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද,)සඩ’ ඔහුටම රහතුන් වහන්සේලා පළමුව අනුකම්පා කරන්නාහු අනුකම්පා කරන්නහුය.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, (2) කවරකු වෙත රහතුන් වහන්සේලා පැමිණෙන්නාහු පැමිණෙද්ද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (2) කිමෙක්ද, රහතුන් වහන්සේලා ඔහු වෙත පළමුව පැමිණෙන්නාහු පැමිණෙත්ද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහු වෙතම රහතුන් වහන්සේලා පළමුව පැමිණෙන්නාහු පැමිණෙත්.
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, සීහය, රහතුන් වහන්සේලා පළමුව කාගේ දානය පිළිගන්නාහු පිළිගනිද්ද?
“ස්වාමිනි, (1) යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, කිමෙක්ද, ඔහුගේ (දානය) රහතුන් වහන්සේලා පලමු පිළිගන්නාහු පිළිගනිද්ද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහුගේම (දානය) රහතුන් වහන්සේලා පළමුව පිළිගන්නාහු පිළිගනිත්.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, සීහය, රහතුන් වහන්සේලා කවරෙකුට පළමුව ධර්‍මය දේශනා කරන්නාහු දේශනා කරද්ද?
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, කිමෙක්ද ඔහුට රහතුන් වහන්සේලා පළමුව ධර්‍මය දේශනා කරන්නාහු දේශන කෙරද්ද ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහුටම රහතුන් වහන්සේලා පළමුව ධර්‍මය දේශනා කරන්නාහු දේශනා කරත්.
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, කවරෙකුගේ යහපත් කීර්ති ශබ්දය නැගී යේද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, ස්වාමීනි, ඔහුගේ යහපත් කීර්ති ශබ්දය නැගී යන්නේද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද,)සඩ’ ඔහුටම රහතුන් වහන්සේලා පළමුව අනුකම්පා කරන්නාහු අනුකම්පා කරන්නහුය. ඔහුගේම යහපත් කීර්ති ශබ්දය නැගී යන්නේය.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, කවරෙක් වනාහි ඉදින් ක්‍ෂත්‍රිය පිරිසකටද, ඉදින් බ්‍රාහ්මණ පිරිසකටද, ඉදින් ගෘහපති පිරිසකටද, යන යම් යම්ම පිරිසක් වෙත පැමිණෙන්නේ නම් නොහැකිලී, නිර්භයව පැමිණෙන්නේද?”