7. 1. 4. 9.
9. මිත්තවසවත්තන සූත්රය
සැවැත් නුවර නිදානයි.
40. “මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්ෂුව සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ භික්ෂුව සිත වසඟකොට නොවෙසෙයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව සමාධියට දක්ෂවේද, සමාධියට සමවැදීමේ දක්ෂවේද, සමාධියට සමවැද සිටීමේ දක්ෂවේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂවේද, සමාධියට සුදුසු දක්ෂකමින් යුක්තවේද, සමාධියට සුදුසු භූමිය සෙවීමේ දක්ෂවේද, සමාධි අභිනිහාරයට (ප්රාර්ථනාවට) දක්ෂවේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්ෂුව සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ භික්ෂුව සිත වසඟකොට නොවෙසෙයි.
7. 1. 4. 10.
10. දුතියවසසුත්තං
සැවැත් නුවර නිදානයි.
41. “මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ශාරීපුත්ර ස්ථවිරතෙම සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ ශාරීපුත්ර ස්ථවිරතෙම සිත වසඟකොට නොවෙසෙයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ සස්නෙහි ශාරීපුත්ර ස්ථවිරතෙම සමාධියට දක්ෂවේද, සමාධියට සමවැදීමේ දක්ෂවේද, සමාධියට සමවැද සිටීමේ දක්ෂවේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂවේද, සමාධියට සුදුසු දක්ෂකමින් යුක්තවේද, සමාධියට සුදුසු භූමිය සෙවීමේ දක්ෂවේද, සමාධි අභිනිහාරයට දක්ෂවේද,
යන මේ ධර්ම සතින් යුක්තවූ ශාරීපුත්ර ස්ථවිරතෙම සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ ශාරීපුත්ර ස්ථවිරතෙම සිත වසඟකොට නොවෙසෙයි.”
7. 1. 4. 11.
11. ශාරීපුත්තනිදස්ස භික්ඛු සූත්රය
42. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පා සිවුරු රැගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසි සේක.
ඉක්බිත්තෙන් උන්වහන්සේට මේ අදහස ඇතිවිය. එනම් ‘සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් නොපැමිණියේය. එබැවින් මම අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නේ නම් ඉතා යෙහෙක’ යනුයි. ඉක්බිත්තෙන් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ අන්ය තීර්ත්ථක පරිබ්රාජකන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි පැමිණි සේක. එසේ පැමිණ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු තොරතුරු කථාව නිමවා එකත්පසෙක වැඩහුන්හ.
එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ‘ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්ණවූ, පරිශුද්ධවූ බ්රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ කථාවට සතුටු නොවූහ. පිළිතුරු නොදුන්හ. සතුටු නොව, පිළිතුරු නොදී, භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ කථාව පිළිබඳ අර්ත්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට වැඩි සේක.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් වේලෙහි ආපසු පැමිණෙන්නේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. එසේ පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩ සිටි ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළසේක:
‘ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා සැවැත්නුවර පිඬු පිණිස හැසුරුණෙමි. ස්වාමීනි, ඒ මට මේ අදහස විය. ‘සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් නොපැමිණියේය. එබැවින් මම අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නේ නම් ඉතා යෙහෙක’ යනුයි. ස්වාමීනි, එකල්හි මම අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද එතැන්හි පැමිණියෙමි. එසේ පැමිණ, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන් සමග සතුටුවීමි. සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නෙමි. එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ‘ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්ණවූ, පරිශුද්ධවූ බ්රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි. ස්වාමීනි, එකල්හි මම ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ වචනයට සතුටු නොවීමි. පිළිතුරු නොදුනෙමි. එසේ සතුටු නොවී, පිළිතුරු නොදී, භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට බැහැර ගියෙමි යනුයි.
ස්වාමීනි, මේ ධර්ම විනය ශාසනයෙහි හුදෙක් වර්ෂ ගණන මාත්රයෙන් කල් පිරුණු භික්ෂුවයයි කියන්නට හැක්කේද?
ශාරීපුත්රය, මේ ධර්ම විනය ශාසනයෙහි හුදෙක් වර්ෂ ගණන මාත්රයෙන් කල් පිරුණු භික්ෂුවයයි කියන්ට නොහැක්කේය.
ශාරීපුත්රය, මේ කල් පිරීමේ වස්තු සතක් මා විසින් ස්වයංභූඥානයෙහ් (මා ම) ප්රත්යක්ෂකොට දැනගන්නා ලදී. ඒ කවර සතක්ද?