7. 1. 4. 11.
11. ශාරීපුත්තනිදස්ස භික්ඛු සූත්රය
42. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පා සිවුරු රැගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසි සේක.
ඉක්බිත්තෙන් උන්වහන්සේට මේ අදහස ඇතිවිය. එනම් ‘සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් නොපැමිණියේය. එබැවින් මම අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නේ නම් ඉතා යෙහෙක’ යනුයි. ඉක්බිත්තෙන් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ අන්ය තීර්ත්ථක පරිබ්රාජකන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි පැමිණි සේක. එසේ පැමිණ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු තොරතුරු කථාව නිමවා එකත්පසෙක වැඩහුන්හ.
එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ‘ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්ණවූ, පරිශුද්ධවූ බ්රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ කථාවට සතුටු නොවූහ. පිළිතුරු නොදුන්හ. සතුටු නොව, පිළිතුරු නොදී, භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ කථාව පිළිබඳ අර්ත්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට වැඩි සේක.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් වේලෙහි ආපසු පැමිණෙන්නේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. එසේ පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩ සිටි ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළසේක:
‘ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා සැවැත්නුවර පිඬු පිණිස හැසුරුණෙමි. ස්වාමීනි, ඒ මට මේ අදහස විය. ‘සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් නොපැමිණියේය. එබැවින් මම අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමයක් යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නේ නම් ඉතා යෙහෙක’ යනුයි. ස්වාමීනි, එකල්හි මම අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද එතැන්හි පැමිණියෙමි. එසේ පැමිණ, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන් සමග සතුටුවීමි. සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නෙමි. එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ‘ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්ණවූ, පරිශුද්ධවූ බ්රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි. ස්වාමීනි, එකල්හි මම ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ වචනයට සතුටු නොවීමි. පිළිතුරු නොදුනෙමි. එසේ සතුටු නොවී, පිළිතුරු නොදී, භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට බැහැර ගියෙමි යනුයි.
ස්වාමීනි, මේ ධර්ම විනය ශාසනයෙහි හුදෙක් වර්ෂ ගණන මාත්රයෙන් කල් පිරුණු භික්ෂුවයයි කියන්නට හැක්කේද?
ශාරීපුත්රය, මේ ධර්ම විනය ශාසනයෙහි හුදෙක් වර්ෂ ගණන මාත්රයෙන් කල් පිරුණු භික්ෂුවයයි කියන්ට නොහැක්කේය.
ශාරීපුත්රය, මේ කල් පිරීමේ වස්තු සතක් මා විසින් ස්වයංභූඥානයෙහ් (මා ම) ප්රත්යක්ෂකොට දැනගන්නා ලදී. ඒ කවර සතක්ද?
ශාරීපුත්රය, මේ ශාසනයෙහි මහණතෙම ශික්ෂා සමාදානයෙහි දැඩිවූ ආශා ඇත්තේ වේද, නැවතද ශික්ෂා සමාදානයෙහි නොහළ පෙම් ඇත්තේ ධර්ම නිකාන්තියෙහි දැඩිවූ ආශාව ඇත්තේද, මත්තෙහිද ධර්ම නිකාන්තියෙහි නොහළ පෙම් ඇත්තේ වේද, ආශාව තුනී කිරීමෙහි දැඩිවූ කැමැත්ත ඇත්තේද, මත්තෙහිද ආශාව තුනී කිරීමෙහි නොහළ පෙම් ඇත්තේ විවේකයෙහි දැඩි ආශාව ඇත්තේද, මත්තෙහිද විවේකයෙහි නොහළ පෙම් ඇත්තේ වීර්ය්යාරම්භයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද වීර්ය්යාරම්භයෙහි නොහළ පෙම් ඇත්තේ ස්මෘති ප්රඥාවෙහි (සිහි නුවණෙහි) දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ස්මෘති ප්රඥාවෙහි නොහළ පෙම් ඇත්තේ සම්යක් දෘෂ්ටිය (නිවැරැදි දැකීම) ප්රතිවෙධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද සම්යත් දෘෂ්ටිය ප්රතිවෙධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේද, මත්තෙහිද සම්යක් දෘෂ්ටිය ප්රතිවේධ කිරීමෙහි නොහළ පෙම් ඇත්තේ වේද,
ශාරීපුත්රය, මේ කල් පිරීමේ කරුණු සත මවිසින් ස්වයම්භූඥානයෙන් (මා ම) දැන ප්රකට කරණ ලදී.
ශාරීපුත්රය, මේ කල් පිරීමේ කරුණු සතින් යුක්තවූ භික්ෂුව දොළොස් වසක් නමුදු පරිපූර්ණවූ, පරිශුද්ධවූ, බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි කියන්ට සුදුසුය. විසි හතර වසක් නමුදු පරිපූර්ණවූ, පරිශුද්ධවූ, බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි කියන්ට සුදුසුය. තිස් හය වසක් නමුදු පරිපූර්ණවූ, පරිශුද්ධවූ, බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි කියන්ට සුදුසුය. අට සතලිස් වසක් හෝ පරිපූර්ණවූ, පරිශුද්ධවූ, බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි කියන්ට සුදුසුයි.
7. 1. 4. 12.
12. ආනන්ද නිදස්ස භික්ඛු සූත්රය
43. “මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ නොසඹෑනුවර සමීපයෙහිවූ ඝොෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු රැගෙන කොසඹෑනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ‘කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව කල් ඇත්තේය. මම අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙක’ යනුයි.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන් සමග සතුටු වූහ. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ.
එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ‘ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්ණවූ, පරිශුද්ධවූ බ්රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ කථාවට සතුටු නොවුහ. පිළිතුරු නොදුන්හ. සතුටු නොව, පිළිතුරු නොදී භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මෙහි අර්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට වැඩියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර පිඬු පිණිස හැසිර සවස් වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ: