7. 1. 3. 4.
[දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
24. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්මාන්තයෙහි ඇලුණෝ නොවෙත්ද, කර්මාන්තයෙහි ඇලීමෙහි යෙදුණෝ නොවෙත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු භස්සාරාම (නිතර දෙඩීමෙහි ඇළුනෝ) නොවෙද්ද -පෙ- නිද්‍රාවෙහි ඇළුනෝ නොවෙද්ද -පෙ- සමූහයෙහි ඇළුනෝ නොවෙද්ද -පෙ- පවිටු අදහස් ඇත්තෝ නොවෙත්ද, පවිටු අදහස්වල වසඟයට නොගියාහු නොවෙද්ද -පෙ- පාප මිත්‍රයන් නොවෙද්ද, පාපසහායකයන් නොවෙද්ද, පාප සම්පවංක නොවෙද්ද -පෙ- ස්වල්ප මාත්‍ර විශේෂාධිගමයකින් අන්තරා වොසානයට (අතරමග නවතාලීමට) නොපැමිණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 5.
[තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
25. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක: මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් කල් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇත්තෝ වෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් කල් භික්‍ෂූහු පවට ලජ්ජා ඇත්තෝ වෙද්ද -පෙ- පවට බිය ඇත්තෝ වෙද්ද -පෙ- බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ වෙද්ද -පෙ- පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වෙද්ද -පෙ- සිහි ඇත්තෝ වෙද්ද -පෙ- නුවණැත්තෝ වෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 6.
[චතුත්ථ භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
26. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක: මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් භික්‍ෂුහු ස්මෘති (සිහිය) සම්බොධ්‍යඞ්ගය වඩද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු ධර්‍මවිචය (ධර්මය විමසීම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද -පෙ- වීර්ය සම්බොධ්‍යඞ්ගය වඩද්ද -පෙ- ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩද්ද -පෙ- ප්‍රශ්‍රබ්ධි (සන්සිඳීම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද -පෙ- සමාධි (එකඟකම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද -පෙ- උපේක්‍ෂා (මැදහත්කම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 7.
[පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
27. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක: මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අනත්ත සංඥාව වඩද්ද, -පෙ- අශුභ (පිළිකුල්) සංඥාව වඩද්ද -පෙ- ආදීනව (දොස්) සංඥාව වඩද්ද -පෙ- ප්‍රහාණ (ගෙවීම) සංඥාව වඩද්ද -පෙ- විරාග (නොඇලීම) සංඥාව වඩද්ද -පෙ- නිරෝධ (නිවීමේ) සංඥාව වඩද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.