7. 1. 3. 10.
[උපාසක විපත්ති සුත්තං]
[සැවැත් නිදානයි]
30. මහණෙනි, උපාසකයාට විපත්ති කරුණු සතක් වෙති -පෙ- මහණෙනි, උපාසකයාට සම්පත්ති කරුණු සතක් වෙති -පෙ-
7. 1. 3. 11.
[උපාසක පරාභව සුත්තං]
[සැවැත් නිදානයි]
31. මහණෙනි, උපාසකයාට පිරිහීම් (පරාභව) සතක් වෙති -පෙ-
මහණෙනි, උපාසකයාට වැඩීම් (සම්භව) සතක් වෙති. කවර සතක්ද යත්:
භික්‍ෂූන්ගේ දර්‍ශනය අඩු නොකරයි. බණ ඇසීමට ප්‍රමාද නොවෙයි. අධිශීලයෙහි හික්මෙයි. පැහැදීම බහුලකොට ඇත්තේ වෙයි. ස්ථවිරවූද, මධ්‍යමවූද, නවකවූද, භික්‍ෂූන් කෙරෙහි දොස් නොසොයන අදහසින් සිදුරු නොසොයන අදහසින් බණ අසයි. මේ ශාසනයෙන් පිටත දන්දීමට සුදුස්සන් නොසොයයි. මේ ශාසනයෙහි භික්‍ෂූන්ට පූර්‍ව සත්කාරය කෙරෙයි.
මහණෙනි, මේ උපාසකයාට වැඩීම් (සම්භව) සතකි.
22. යම් උපාසකයෙක් භික්‍ෂුන් දැකීමට යාමද, බණ අසන්නට යාමද, අඩු කෙරේද, පන්සිල්, දසසිල් ආදී උත්තම ශීලයන්හි නොහික්මේද,
-පෙ- [උපාසකයා සේවනය කරමින්] සද්ධර්මයෙන් පිරිහෙයි.
[29. මනාකොට දේශනා කරණ ලද සප්ත අපරිහානිය ධර්මයන් සේවනය කරන්නාවූ උපාසකතෙම සද්ධර්මයෙන් නොපිරිහෙයි.]
තුන්වැනි වජ්ජිසත්තක වර්‍ගය නිමි.
එහි උද්දානය:
සාරන්දද, වස්සකාර, අපරිහානිය පහක් ද, සේඛ, පරිහානි, විපත්ති සහ පරාභව ද වේ.