7. 1. 2. 6.
6. අනිච්චානුපස්සි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
16. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුවෝය.) අඤ්ජලිකරණීය (ඇඳිලි කිරීමට සුදුසුවෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. කවර සත් දෙනෙක්ද යත්?
(1) මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පළමුවන පුද්ගලයා ආහුණෙය්‍ය (දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍ය වූයේ), පාහුනෙය්‍ය (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වූයේ), දක්ඛිණෙය්‍ය (දක්ෂිණාවට සුදුසු වූයේ), අඤ්ජලිකරණීය (ඇඳිලි කිරීමට සුදුසු වූයේ), ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙත වේ.
(2) “මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවීමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.) මහණෙනි, මේ දෙවන පුද්ගලයා ආහුණෙය්‍ය (දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍ය වූයේ), පාහුනෙය්‍ය (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වූයේ), දක්ඛිණෙය්‍ය (දක්ෂිණාවට සුදුසු වූයේ), අඤ්ජලිකරණීය (ඇඳිලි කිරීමට සුදුසු වූයේ), ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙත වේ.
(3) “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, (4) “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, (5) “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, (6) “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, (7) “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. 1. 2. 7.
7. දුක්ඛානුපස්සි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
17. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුවෝය.) අඤ්ජලිකරණීය (ඇඳිලි කිරීමට සුදුසුවෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. කවර සත් දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි දුක (පීඩා කරන ස්වභාවය) දකිමින් වාසය කරයි -පෙ- මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය (දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය) -පෙ- ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. 1. 2. 8.
8. අනත්තානුපස්සි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
18. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. “කවර සත් දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනාත්මය දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. “මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනාත්ම සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. 1. 2. 9.
9. නිබ්බාණසුඛානුපස්සි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
19. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. “කවර සත් දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
“මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
නැවතද මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් නිවනෙහි සැපය අනුව දකිමින්, සැප යන සංඥාව ඇත්තේ, සැපය පිළිවිඳින්නේ, නිතර නොකඩවා, අතරක් නොතබා, සිතින් එය නිශ්චය කරමින්, ප්‍රඥාවෙන් එහි බැස ගනිමින් වාසය කරයි. හෙතෙම පස් ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් අන්තරාපරිනිබ්බායී වෙයි -පෙ- උපහච්චපරිනිබ්බායී වෙයි -පෙ- අසංඛාරපරිනිබ්බායී වෙයි -පෙ- සසංඛාරපරිනිබ්බායී වෙයි -පෙ- අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ -පෙ- ලොවට (නිරුත්තර පින්කෙතක් වූ) සත්වැනි පුද්ගලයා යි.
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.