6. 1. 1.
1. අකුසල මූලප්පහාන සූත්‍රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
රාගය, ද්වේෂය, මෝහය යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහාණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය. කිනම් තුනක්ද යත්:
රාගය ප්‍රහීණ කිරීම පිණිස අශුභ වැඩිය යුතුය. ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය. මෝහය ප්‍රහීණ කිරීම පිණිස ප්‍රඥාව වැඩිය යුතුය.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස මේ ධර්ම තුන වැඩිය යුත්තාහ” යි වදාළ සේක.
6. 1. 2.
2. දුච්චරිත පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනො දුශ්චරිතය යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි. කිනම් තුනක්ද යත්:
කාය දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස කාය සුචරිතය වැඩිය යුතුය. වාක් දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස වාක් සුචරිතය වැඩිය යුතුය. මනො දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස මනො සුචරිතය වැඩිය යුතුය.
මහණෙනි, ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි.
6. 1. 3.
3. විතක්ක පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාම සිතිවිල්ල, කෝප සිතිවිල්ල, හිංසා සිතිවිල්ල යනුය. මහණෙනි, මේ ධර්ම තුනයි.
“මහණෙනි, මේ ධර්ම තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය. කිනම් තුනක්ද යත්:
කාමයන් ගැන සිතීම ප්‍රහීණ කිරීම පිණිස නෛෂ්කාම්ය කල්පනාව වැඩිය යුතුයි. කෝප සිතිවිල්ල ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රී සිතිවිල්ල වැඩිය යුතුය. හිංසා සිතිවිල්ල ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසා සිතිවිල්ල වැඩිය යුතුය.
මහණෙනි, මේ ධර්ම තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය.
6. 1. 4.
4. සඤ්ඤා පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
4. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාම හැඟීම, කෝප හැඟීම, හිංසා හැඟීම යන තුනයි. මහණෙනි, මේ හැඟීම් තුනය.
“මහණෙනි, මේ හැඟීම් තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
කාම හැඟීම ප්රහාණය කිරීම පිණිස නෛෂ්කාම්ය හැඟීම වැඩිය යුත්තාහ. කෝප හැඟීම ප්රහාණය කිරීම පිණිස මෛත්‍රී හැඟීම වැඩිය යුත්තාහ. හිංසා හැඟීම ප්රහාණය කිරීම පිණිස අහිංසා සංඥාව වැඩිය යුත්තාහ.
මහණෙනි, මේ හැඟීම් තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ.
6. 1. 5.
5. ධාතුත්තය පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාම ධාතුවය, ව්‍යාපාද ධාතුවය, විහිංසා ධාතුවය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
කාම ධාතුව ප්‍රහීණ කිරීම පිණිස නෛෂ්කාම්ය ධාතුව වැඩිය යුතුයි. ව්‍යාපාද ධාතුව ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රී ධාතුව වැඩිය යුතුයි. හිංසා ධාතුව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසා ධාතුව වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ.