6. 2. 1. 3.
[ඡළාභිජාති සූත්රය]
3. “එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහවේ, ගිජුකුළු පව්වෙහි වෙසේ. ඉක්බිති වනාහි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද තෙම භාග්යවතුන් වහන්සේහට මෙය කීය.
“ස්වාමීනි, පූරණ කාශ්යප විසින් ජාතීහු සයක් පනවන ලදහ. කළුවූ ජාතියක් පනවන ලදී, නිල්වූ ජාතියක් පනවන ලදී. ලේවන් ජාතියක් පනවන ලදී, කහවන් ජාතියක් පනවන ලදී, සුදුවූ ජාතියක් පනවන ලදී, ඉතාම සුදුවූ ජාතියක් පනවන ලදී,
(1) ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් බැටළු වැද්දෝය, හූරු වැද්දෝය, කුරුලු වැද්දෝය, මුව වැද්දෝය, මසුන් මරන්නෝය. සොරුය, සොරු මරන්නෝය, සිරකරුවෝය, අන් කිසි කෲර කර්ම කරන්නෝද යන මෙය කළු වූ ජාතියයයි පනවන ලදී.
(2) ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් භික්ෂූන් අතර රළු පැවතුම් ඇත්තෝද, අන් කිසි කර්ම, මත ඇති, ක්රියාවාද ඇති අයද, යන මෙය නිල්වූ ජාතියයි පනවන ලදී.
(3) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් එක් සළුවක් හඳනා නිඝන්ඨයෝය යන මෙය ලේවන් ජාතියයයි පනවන ලදී.
(4) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් ගිහිවූත්, සුදු වස්ත්ර හඳනාවූත්, අචෙලක (-නිර්වස්ත්ර) තපසුන්ගේ ශ්රවකයෝ යන මෙය කසාවන් ජාතියයයි පනවන ලදී.
(5) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් ආජීවක තාපසයෝද, ආජීවක තවුසියෝද, යන මෙය සුදුවූ ජාතියයයි පනවන ලදී.
(6) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්යප විසින් නන්ද නම් වූද, වච්ඡා නම් වූද, කෘශ වූද, සංකිච්ච නම් වුද, මක්ඛලී ගොසාල තෙමේ යන මෙය ඉතා සුදු ජාතියයයි පනවන ලදී.
ස්වාමිනි, පූරණ කාශ්යප විසින් මේ ජාතීහු සය පනවන ලදී.”
“ආනන්දය, කිමෙක්ද වනාහි පූරණ කාශ්යප හට සියලු ලොව මේ ජාතීහු සය පැනවීමට මෙසේ අනු දනීද?”
“ස්වාමීනි, මෙය නොවේමය.”
“ආනන්දය, මෙසේ යම්සේ පුරුෂයෙක් තෙම දිළිඳු වූයේ වේද, ස්වකීය දෙයක් නැත්තේද, නැළියක් (සහල්) නැත්තේද, නොකැමැත්තහුට, ‘පින්වත් පුරුෂය, තා විසින් මේ මස කෑ යුතුය. මිලද නොදිය යුතුය’ යි සිතේ කිලුටකට (-බාධාවකට) අසු කරන්නේද,
එවමෙව ඛො ආනන්ද පූරණෙන කස්සපෙන අප්පටිඤ්ඤාය එතෙසං සමණබ්රාහ්මණානං ඉමා ඡළාභිජාතියො පඤ්ඤත්තා යථා තං බාලෙන අව්යත්තෙන අඛෙත්තඤ්ඤූනා අකුසලෙන. (ආනන්දය, එසේම වනාහි මෝඩවූ, ව්යක්ත නොවූ, ස්ථාන නොදන්නාවූ, පාපවූ, පූරණ කාශ්යප විසින් එය එසේ ප්රතිඥා නොකොට මේ මහණ බමුණන්ට මේ ජාති සය පනවන ලද්දේය.)
ආනන්දය, මම වනාහි ජාති සයක් පනවමි. එය අසව. හොඳට මෙනෙහි කරව. කියන්නෙමි.”
“ස්වාමීනි, මැනව’ යි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආනන්දය, ජාති සය කෙසේද?
ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ, කළුවූ (-පාප) ධර්මයක් උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ සුදුවූ (පින්) දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි.
(1) “ආනන්දය, කෙසේ නම් කළු ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හෝ කයින් වැරදි කරයි. වචනයෙන් වැරදි කරයි. සිතින් වැරදි කරයි. හේ කයින් වැරදි කර, වචනයෙන් වැරදි කර, සිතින් වැරදි කර, කය බිඳි මරණින් මතු අපායවූ, දුගතිවූ, ඇද වැටීමවූ, නිරයේ උපදී. ආනන්දය, එසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළුවූ දහම උපදවයි.
(2) “ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හේ කයින් හොඳ කරයි. වචනයෙන් හොඳ කරයි. සිතින් හොඳ කරයි. එසේ කොට කය බිඳී මරනින් මතු සුගතිවූ දෙව් ලොව උපදී. ආනන්දය, එසේම කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.