5. 6. 1. 6.
6. පඨමජ්ඣානාධිගගම සූත්රය
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ ධර්ම පසක් දුරුනොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පසක් දුරුනොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.”
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.”
5. 6. 1. 7-10.
7-13. දුතියඣානසුත්තාදිසත්තකං
[සැවැත් නිදානයි]
7-9. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට දෙවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සතරවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට දෙවන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්යානය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.
5. 6. 1. 10.
14. පඨමජ්ඣානුපසම්පදා සූත්රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරු නොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, ගුණවර්ණනාවෙහි මසුරුකමය, කළ උපකාර නොදන්නාබව, කළ උපකාර නොසළකන බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරු නොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.”