5. 6. 1. 3.
3. උපඨාපන සූත්රය
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුව විසින් සාමණේරතෙම උපස්ථාන කටයුතුයි. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ සමාධිස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ ප්රඥාස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ විමුක්තිස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්තවේද, යන පසිනි.”
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුව විසින් සාමණේරතෙම උපස්ථාන කටයුතුයි.”
5. 6. 1. 4.
4. පතිකිඨමච්ඡරිය සූත්රය
[සැවැත් නිදානයි]
4. “මහණෙනි, මේ මසුරුකම් පසක් වෙත්. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ මසුරුකම් පසක් වෙත්.”
“මහණෙනි, මේ මසුරුකම් පස අතුරෙන් මේ ධර්මයෙහි මසුරුකමක් වේද, මෙය පිළිකුල් වේය” යි වදාළ සේක.
5. 6. 1. 5.
5. මච්ඡරියප්පහාණ සූත්රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ මසුරුකම් පසක්හුගේ දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. කවර පසක්හුගේද යත්?
ආවාසයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. කුලයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ලාභයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ගුණ කීමෙහි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ධර්මයෙහි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. යන පසය.
“මහණෙනි, මේ මසුරුකම් පසක්හුගේ දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය.”
5. 6. 1. 6.
6. පඨමජ්ඣානාධිගගම සූත්රය
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ ධර්ම පසක් දුරුනොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පසක් දුරුනොකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.”
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.”