5. 6. 1. 18-21.
[අපරසොතාපත්තිඵලාදි සච්ඡිකිරියා සූත්ර]
[සැවැත් නිදානයි]
18-21. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු නොවේ..
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය සෝවාන් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදුසු වේ..
උපසම්පදා වර්ගය පළමුවැනි යි.
වග්ගාතිරෙක සූත්ර
1. භත්තුද්දෙසක සූත්රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්?
ඡන්දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. කවර පසකින්ද යත්?
ඡන්දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ.
[දෙවන භත්තුද්දෙසක ආදී සූත්ර]
[සැවැත් නිදානයි]
2-5. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි. කවර පසකින්ද යත්? ඡන්දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.