5. 5. 5. 9.
9. සීවථිකාදීනව සූත්රය
[සැවැත්නුවර නිදානයි]
249. “මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
“අපවිත්රවේ. දුර්ගන්ධ වේ. ප්රතිභය සහිතවේ. චණ්ඩ අමනුෂ්යයන්ට ආවාස වේ. බොහෝ දෙනා අඬන තැන වේ. යන පසයි.
“මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අමු සොහොනට බඳු උපමා ඇති පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්මයෙන් යුක්ත වේද. මෙය මොහුගේ අපිරිසිදු බවයයි කියමි. “මහණෙනි, ඒ සොහොන යම් සේ අපිරිසිදු වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
අපිරිසිදු කාය කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්මයෙන් යුක්ත වේද. ඔහුගේ ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මෙය මොහුගේ දුර්ගන්ධ භාවයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොන දුර්ගන්ධ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
ඔහු ප්රියසීලී බ්රහ්මචාරීහු දුරින් දුරු කෙරෙත්. මෙය මොහුගේ ප්රතිභය සහිතවීම යයි කියමි. මහණෙනි, ඒ සොහොන යම් සේ ප්රතිභය සහිත වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
අපිරිසිදු කාය කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්මයෙන් යුක්ත වේද. හෙතෙම සභාගවූ (තමන්ගේ ගුණයන්ට සමාන) පුද්ගලයන් සමග වාසය කෙරේද, මෙය මොහුගේ චණ්ඩ අමනුෂ්යයන් හා වාසය කිරීමයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොණ චණ්ඩවූ අමනුෂ්යයන්ට වාසස්ථාන වේද, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
අපිරිසිදු කාය කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්මයෙන් යුක්ත වේද. ඔහු ප්රියශීලීවූ සබ්රහ්මචාරීහු දැක ගුණ ගටා කියයුතු බවට පැමිණෙත්. යම්බඳුවූ අපි මෙබඳු පුද්ගලයන් සමග වාසය කරමුද, අපට ඒකාන්තයෙන් දුකය කියායි. මෙය මොහුගේ හඬන තැන්වීමයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොන බොහෝ දෙනාට හඬන තැන් වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අමු සොහොනට බඳු උපමා ඇති පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
5. 5. 5. 10.
10. පුග්ගලප්පසාද සූත්රය
[සැවැත්නුවර නිදානයි]
250. “මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්?
මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශේෂයෙන් ප්රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ භික්ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්ෂූන් සේවනය නොකරන්නේ සද්ධර්මය නොඅසයි. සද්ධර්මය නොඅසන්නේ සද්ධර්මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ පළමුවන දෝෂය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශේෂයෙන් ප්රසන්න වේද, හෙතෙම යම්බඳු ඇවතකින් සඞ්ඝ තෙම අසුන් කෙළවර හිඳුවාද, එබඳු ඇවතකට පැමිණියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් කෙළවර අසුනෙහි හිඳුවන ලද්දේයයි භික්ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්ෂූන් සේවනය නොකරන්නේ සද්ධර්මය නොඅසයි. සද්ධර්මය නොඅසන්නේ සද්ධර්මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ දෙවෙනි දෝෂය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශේෂයෙන් පැහැදුනේවේද, හෙතෙම අන් දිශාවකට ගියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම අන් දිසාවකට ගියේයයි මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශේෂයෙන් ප්රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ තුන්වෙනි දෝෂය වේ.
“හෙතෙම ගිහිවූයේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ‘යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම ගිහිවූයේ වෙයි.’
හෙතෙම කළුරිය කෙළේවේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ‘යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්රියද, මනාපද, හෙතෙම, කළුරිය කෙළේයය’ යි අන්ය භික්ෂූන් සේවනය නොකෙරේද, අන්ය භික්ෂූන් සේවනය නොකරන්නේ සද්ධර්මය නොඅසාද, සද්ධර්මය නොඅසන්නේ සඞධර්මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්රසාදයෙහි මේ පස්වන දෝෂය වේ.
මහණෙනි, මොහු වනාහි පුද්ගල ප්රසාදයෙහි දෝෂ පස වෙත්යයි වදාළ සේක.
විසි පස් වෙනි දුච්චරිත වර්ගය නිමි.
එහි උද්දානය:
දුච්චරිතය, කාය දුච්චරිතය, වචී දුච්චරිතය, මනො දුච්චරිතය, අන්ය සතරක් ද, සිවථික දෙකක් ද, පුද්ගලප්පසාදය දැයි (මේ වර්ගයෙහි සූත්ර දසයෙකි).
පස්වෙනි පණ්ණාසකය නිමි.