5. 5. 5. 3.
3. වචී දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
243. “මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. “මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.” “මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 4.
4. මනො දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
244. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.”
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 5.
5. සුචරිතානිසංස සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
245. “මහණෙනි, දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්‍ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්‍ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි.
“මහණෙනි, දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි.
“මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 6.
6. කාය සුචරිතානිසංස සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
246. “මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්‍ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්‍ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි. “මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි. “මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 7.
7. වචී සුචරිතානිසංස සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
247. “මහණෙනි, වාක් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්‍ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්‍ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි. “මහණෙනි, වාක් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, වාක් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි. “මහණෙනි, වාක් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 8.
8. මනො සුචරිතානිසංස සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
248. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්‍ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්‍ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි.
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.