5. 5. 4. 8.
8. මච්ඡරා වාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
38. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
දැන නොසොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන නොසොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් නැත්තේ වේද, කුලයන්හි මසුරුකම් නැත්තේ වේද, ලාභයන්හි මසුරුකම් නැත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
5. 5. 4. 9.
9. සද්‍ධාදෙය්‍ය විනිපාතක සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
39. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම ඇත්තේ වේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ කෙර්ද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ නොවේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ නොකෙර්ද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
5. 5. 4. 10.
10. ආසා මච්ඡරී සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
40. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ වේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම් ඇති නොවේද, කුලයන්හි මසුරුකම් ඇති නොවේද, ලාභයන්හි මසුරුකම් ඇති නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇති නොවේද, ධර්‍මයෙහි මසුරුකම් ඇති නොවේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
විසි හතරවැනි ආවාසික වර්‍ගය නිමි.
එහි උද්දානය:
අභාවනීය, පිය, සෝභන ද, බහූපකාර, අනුකම්පක ද, යථාභත යනාදී අවණ්ණාරහ සූත්‍ර තුන ද, මච්ඡරිය සූත්‍ර දෙක ද මෙහි කියන ලදී.